Gossip

මට ආදරය කරන, ඒ වගේම මම ඉන්න ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට තමයි මම කැමති – සෙනාලි ෆොන්සේකා

සෙනාලි මේ දවස්වල විස්තර මොනවද?

මම මේ දවස් වල ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොමද රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

හැමෝගෙන්ම හොද ප්‍රතිචාර ලැබෙනවා, ඒ වගේම සමහර අය කියනවා සෙනාලි චන්ඩි කෙල්ලෙක් කියලා ඒ හාර කොටියේ දිලිගේ චරිතයටත් ප්‍රේක්ෂකයින් ගොඩක්ම ආදරය කරන නිසයි.

‘හාර කෝටිය’ නාට්‍යයේ අධ්‍යක්ෂකතුමාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම ශිවගුරුනාදන් කියන්නේ මගේ තාත්තා වගේ හැමදෙයක්ම කියලා දීලා මන් ගැන හොයන කෙනෙක්.

එංගලන්තේ එපා වෙලාද ලංකාවට ආවේ?

මම ජිවත් වෙන්න කැමති ලංකාවේ, අනික මම කලාවට සම්බන්ධව වැඩ කරන්නත් ඕන නිසා මෙහෙට ආවා.

සෙනාලි කැමති චිත්‍රපටවල රඟපාන්නද, ටෙලි නාට්‍ය වල රඟපාන්නද?

මම එහෙම තීරණයක් අරගෙන නෑ, මට සතුටින් රගපාන්න හිතෙන නිර්මාණයකට මම සහභාගී වෙනවා.

සමහර නිළියන් රඟපානවා වගේම සින්දු කියන්නත් පුළුවන් කියල සින්දු කරනවානේ, සෙනාලිටත් අසාවක් නැද්ද සිංදුවක් එහෙම කරන්න?

අපි හැමෝම කරන්න ඕන අපට පුළුවන් දේ විතරයි, අපි දෙයක් කරනවානම් ඒ දේ ගැන හැදෑරීමක් කරලා ඉන්න ඕන ඒ නිසා මම සින්දු කියන්නත් ආස නිසා ඉස්සරහට බලමු.

සෙනාලි නිලියක් වෙන්නේ නැන්දා නිසාද?

ගොඩක් අය හිතන්නේ එහෙම තමයි නමුත් මම මගේ නැන්දා නිසා නෙමෙයි නිලියක් වෙන්නේ, මගේ හැකියාවෙන් මම මේ ගමන ආවේ, හැබැයි මට මාලනී නැන්දා නිසා තමයි රඟපාන්න ආසාව ඇති වුනේ.

අම්මා නැතුව ගමන් යන්නෙම නැද්ද?

නැහැ, අම්මි තමයි මගේ හොදම යාලුවා, ඉතින් මගේ යාලුවා විදිහට මම එයා එක්කමයි ඉන්නේ.

සේනාලිගේ පෙම්වතාත් ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක්ද?

දැනට නම් මට පෙම්වතෙක් නැහැ, ඉස්සරහට පෙම්වතෙක් හම්බ වුනොත් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙයිද කියලා මම දන්නේ නැහැ.

මොනවගේ කෙනෙක්ද හොයන්නේ?

අහිංසක, මගේ හිතට වදින, මට ආදරය කරන ඒ වගේම මම ඉන්න ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට තමයි මම කැමති.

ඔබේ ක්ෂේත්‍රයට සම්බන්ධ කව්රුත් එහෙම යෝජනා ගෙනල්ලා නැද්ද?

දැනටනම් මට එහෙම යෝජනා ඇවිල්ල නැහැ, මොකද මම හැමෝම එක්ක fit එකේ ඉන්නවනේ ඒ නිසා වෙන්න ඇති.

සෙනාලි දැන් ටිකක් ආඩම්බරයි කියලා ගොඩක් අය කියනවා,

මම කවදාවත් ආඩම්බර කෙනෙක් නෙමෙයි හැමෝම එක්කම හිනා වෙලා කතා කරන කෙනෙක්.

සෙනාලි රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනවද?

සිරි පැරකුම් චිත්‍රපටයට එන්න කලින් මම රංගනය ගැන එංගලන්තයේදී හැදෑරීමක් කළා, ඉදිරියේදී රංගනය හදාරන්න සුදානමින් ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.