Gossip

කිසිම අධ්‍යක්ෂකවරයෙක් මගෙන් තාම හරියට වැඩක් අරගෙන නැහැ

සිනමාවේ වීරයා රොෂාන්ද?

මම ඇතුළු කිහිප දෙනෙක් ඉන්නවා, ප්‍රේක්ෂකයන් තමයි ඒක හරියටම කියන්න ඕන.

ඔයාට සිනමාවේ චන්ඩියාගේ චරිතය රඟපාන්න පුළුවන් කියලා හිතනවද?

මම හිතනවා මට පුළුවන් කියලා, මොකද මම කරපු චිත්‍රපට කිහිපයක් එන්න තියෙනවා.

රොෂාන්ව ගැලපෙන්නේ සිනමාවේ පෙම්වතාටද, චන්ඩියාටද?

හුගාක්ම පෙම්වතාගේ චරිතය කරපු නිසා කොටුවෙලා වගේ, නමුත් ඉදිරියේදී එන්න තියෙන Face 2 Face චිත්‍රපටය හරහා හොද උත්තරයක් ලැබෙයි.

ඔබ රඟපාපු ”උලත් එකයි පිලත් එකයි” චිත්‍රපටය දිව්වේ නැත්තේ ඇයි?

නිෂ්පාදනය පැත්තෙන් චිත්‍රපටය හරියට දිව්වේ නැහැ, මට හිතෙන්නේ ඒ චිත්‍රපටය ඒ අය market කලේ නැති නිසා කියලා.

ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පැත්තෙන් මිට වඩා යමක් කලානම් ගොඩ ගන්න තිබුණා කියලා රොෂාන්ට හිතෙන්නේ නැද්ද?

මෙහෙමයි චිත්‍රපටයේ සුළු සුළු අඩුපාඩු කම් තියෙන්න ඇති. හැබැයි මටනම් එහෙම එකක් දැනුන් නෑ.

රොෂාන් රණවන කියන සුපිරි නළුවාගෙන් උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය වැඩක් ගත්තද?

යම්තාක් දුරට මගෙන් වැඩක් ගන්න ඇති කියලා හිතෙනවා.

උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ පිටපත බලද්දී ඔබේ හිතේ මැවුණු ඔබේ චරිතය චිත්‍රපටය බලද්දිත් ඒ විදියටම තිබුණද?

යම් තාක් දුරට මට එහෙම හිතුනා, ඒත් ඕනෑම නළුවෙක් කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ තමන්ට පුළුවන් උපරිමයමයි මේ කරලා තියෙන්නේ කියලා, මටත් එහෙමමයි,

රොෂාන් හර්ෂගේම චිත්‍රපටයක ලගදී රඟපෑවා face 2 face කියලා, එකේ කලින් චිත්‍රපටයට වඩා දෙයක් ඉටු කළා කියලා හිතනවද?

චිත්‍රපටය බලන්නේ නැතිව කියන්න අමාරුයි නමුත් මට ලැබුණු රාමුව ඇතුලේ මම යම්තාක් දුරට දෙයක් ඉටු කළා කියලා හිතනවා.

රොෂාන්ට හිතෙන්නේ නැද්ද ඔයා මේ රටේ මීට වඩා ඇගයීමකට ලක්වෙන්න කෙනෙක් කියලා?

ප්‍රේක්ෂකයන්ගේ ආදරය,පිළිගැනීම මට තියෙනවා,ඒක දැනට ඇති.

රොෂාන්ට හිතෙන්නේ නැද්ද කලාකරුවෙකු විදිහට ලංකාවේ නැතුව ඉන්දියාවේ ජිවත් වුනානම් කියලා?

ලංකාවේ කලාකාරයෝ වෙච්ච හැමෝම එහෙම හිතනවා. නමුත් අපිට ඒක සංසන්ධනය කරලා බලන්න බැහැ. මොකද අපේ රටේ කලාකරුවෝ ඉන්නේ අතලොස්සක් නිසා, ඉන්දියාවත් එක්ක බැලුවම අපිට සමහර විට ලංකාවේ තියෙන තැන එහෙ නැතිවෙන්නත් පුළුවන්.

අපේ රටේ නළුවෝ ගොඩක් ඉන්නවා. නමුත් සියලු දක්ෂතා තියෙන නළුවෝ ඉන්නේ කිහිප දෙනයි ඒ අතර ඉදිරියෙන්ම ඉන්නේ රොෂාන්ද?

ඔය කියන කීපදෙනා අතරේ මම ඉන්නවා කියන එක ගැන ආඩම්බරයි. ඒත් එතන ඉදිරියෙන්ම ඉන්න ඕනේ මමද කියලා තීරණය කරන්න ඕනේ මම නෙමේ මේ රටේ ප්‍රේක්ෂකයෝ.

රොෂාන් සීනිබෝල නළුවෙක්ගේ ගොඩට වැටිලා ද ඉන්නේ?

මුල් යුගයේ මට ලැබුණු චිත්‍රපට එක්ක තමයි මම ඒ ගොඩට වැටෙන්නේ, මම මුල් යුගයේම දුෂ්ටයෙක්ගේ චරිතයකින් ආවානම් මාව වැටෙන්නේ දුෂ්ටයාගේම චරිතෙට, මේ ස්ටයිල් එක තමයි එක් චරිතයකින් හිට් වුනොත් ඒ ගොඩේ චරිතම නළුවාට ලැබෙන එක.නමුත් ඒ නළුවට නොයෙක් ආකාරයේ චරිත රඟපාන්න පුළුවන්කම තියෙනවා. මම දන්නෑ එහෙමයි.

රොෂාන්ට හැදුණු නරකම Gossip එක මොකක්ද?

හැඳුනු කටකතාව තමයි පුජා උමාශංකර් මාත් එක්ක යාලුයි කියන එක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.