Gossip

ආධිවාසින්ගෙන් ජාත්‍යන්තරයට යන සුපිරි ක්‍රීඩා තරුව

කලාවරිගේ පුංචි බණ්ඩා? නම නුහුරු ඇති. එහෙම හිතෙනවා නම් ආදරයෙන් ඉල්ලන්න කැමැතියි වටිනා කාලයෙන් මොහොතක් “අද දවසේ” මේ වීඩියෝව නරඹන්නට වැය කරන්න. කැලේ පිපුණ මලක් කැලේම පරවී යන්නට නොදී රැක ගන්නට දරන මේ උත්සහයට හැකි විදියට රුකුලක් දෙන්න.

අපේ රටේ ශ්‍රී නාමය ජාත්‍යන්තරයට ගෙනියන්නට හැකි මේ දිරිය තරුණයාගෙ උත්සහය බලන්න. ක්‍රීඩාවට අවශ්‍ය අවම පහසුකම් පේනා තෙක් මානයේවත් නැති, ඒත් ඒ අවැසි කරනා වීර්යය අහසක් උසට ඇති මේ ආදීවාසි තරුණයාගෙ හැකියාව ඔබව පුදුම කරාවි. මුල්ම වතාවට මාධ්‍යයෙන් මේ කතාව ඔබට ගෙන එන ස්වර්ණවාහිනී “අද දවසේ” ප්‍රාර්ථනය කලාවරිගේ පුංචි බණ්ඩාට ශ්‍රී ලංකා නාමය දිදුළවන්නට හැකියාවක් ලැබේවා යන්නයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.