Gossip

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත් කරයි

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ජයත්මා මහත්මිය 1990 වසරේදී උපත ලැබු අතර මේ වන විට 27 හැවිරිදි වියේ පසුවන අතර අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියක් ද වනවා. එමෙන්ම දැනට ඇය එම විශ්ව විද්‍යාලයේම සංවර්ධන අධ්‍යයන කටයුතු පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරිනියක ලෙස කටයුතු කරන ඇය 2016 සිට 2017 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලේකම්වරිය ලෙස ද කටයුතු කළ අතර, ඊට පෙර තරුණ කටයුතු පිළිබඳ ව්‍යාපෘති නිලධාරී වශයෙන්ද ,2014 වසරේදී පැවති ලෝක තරුණ සමුළුවේ ජාත්‍යන්තර තරුණ බලකායේ නායිකාවක ලෙසද කටයුතු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.