Gossip

මම ලගින්ම ආශ්‍රය කරන්නේ රොමේෂ් සුගතපාල – තීක්ෂණ අනුරාධ

තීක්ෂණ මොනවද මේ දවස්වල තොරතුරු?

අළුත් සිංදුවක් කරගෙන යනවා, ඒ  වගේම මගේම කියලා ස්ටුඩියෝ එකක් හදාගෙන යනවා මේ දවස්වල.

තීක්ෂණ ටෙලි නාට්‍ය වල ඉන්නවා අපි දකිනවා ඉදිරියට රසිකයන්ට නළුවෙක් විදිහටද දකින්න වෙන්නේ?

නෑ, නෑ මම ගායකයෙක් නමුත් ඉදලා හිටලා ගායකයා රගපායි.

තාමත් අරාධනා කරනවද ටෙලි නාට්‍ය වලට?

මේ ලගදිත් නිර්මාණ කිහිපයකට කතා කළා, මට තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට ඒකට සහභාගී වෙන්න වුණේ නෑ.

තීක්ෂණගේ පවුලට අලුතින් සාමාජිකයෙක් එකතුවෙන්න ලගයිලු නේද?

ඔව්, මම ලගදීම තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ.

ඔබ බලාපොරොත්තුවෙන්නේ දුවෙක්ද, පුතෙක්ද?

කලින්ම දැනගන්න ලැබුණා අපිට පුතෙක් තමයි හම්බවෙන්නේ කියලා.

ඔබ ආව ගමන් මගේ වලවල් කපන්න කව්රුත් හිටියේ නැද්ද?

කැපිලි කෙටිලිනම් සාමාන්‍යයි නේ. ඒවා මට ශක්තියක් කරගත්තා මම ඉස්සරහට යන්න.

කලාකරුවෙකු විදිහට ලගින්ම ඇසුරු කරන්නේ කව්ද?

මම ලගින්ම ආශ්‍රය කරන්නේ රොමේෂ් සුගතපාල.

තීක්ෂණ සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංගයකට කියක් විතර ගන්නවද?
මම ඉන්න ප්‍රදේශයත් එක්ක මම යන්න ඕන දුරත් එක්ක බලලා සාමාන්‍ය ගායකයෝත් එක්ක බලලා සාධාරණ ගානක් තමයි මම ගන්නේ.

ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය කොහොමද? තාමත් ඉස්සරවගේ ද?

මට කොහොමත් එදා ඉදලම ගොඩක් අයගේ ආකාර්ශනය තිබුණා, තවමත් ඒ වගේමයි

Reality වැඩසටහන් වල අද තත්වය ගැන මොකද හිතන්නේ?

මම කොයිම වෙලාවකවත් කියන්නේ නෑ දැන් Reality වැඩසටහන් ඇති කියලා, මොකද මේ වෙනකොට යන Reality වැඩසටහනුත් මම බලනවා ඒවගෙන් තවමත් සැබෑ දක්ෂයෝ බිහිවෙනවා, ඒ නිසා මම කියන්නේ ඉදිරියටත් ඒවා පැවැත්විය යුතුයි කියලා.

ඔබ ගායකයෙක් නොවුනානම් මේ වෙනකොට මොනවා කරයිද?

මම  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධියක් කරලා තියෙනවා. ඒ හරහා එහෙනම් මම අධ්‍යාපනයෙන් ඉහලට ගිහිල්ලා මේ වෙනකොට විදේශ ගත වෙලා ඉදිවී.

ඒ කියන්නේ ගායකයෙක් වුණේ අපරාදේ කියලද?

නෑ.මම සමාජශීලි පුද්ගලයෙක් ඉතින් ගොඩාක් යාලුවෝ ආශ්‍රය කරගෙනකරන්න හරිම කැමති, ඒ වගේම මම ලෝකය වටේ සංචාරය කරන්නත් කැමති වගේම මට ආර්ථික පැත්තෙන් වෙන්න ඕන දේවලුත් සැබෑ වෙන නිසා මම ගායකයෙක් වුනු එක ගැන ගොඩාක් සතුටු වෙනවා.

Reality වැඩසටහන් වල විනිශ්චය මණ්ඩලයකට ආරාධනා කලොත් යනවද?

මම තාමත් හිතන්නේ මගේ ගමනින් මම තාමත් ඇවිල්ලා ඉන්නේ 05% ක් විතර කියලා ,  ඒ නිසා මම ඒ දේට සුදුසුද කියලා බලන්නත් ඕන

තීක්ෂණත් පැකේජ් ගහලද  සිංදු Hit කරගන්නේ?

මගේ සිංදුවලට මම පැකේජ් ගහන්නේ නෑ, මගේ සිංදු වීඩියෝ එකක් නැතුවත් Hit වෙනවා, මම සල්ලි කියක්වත් දීලත් නෑ මගේ සිංදු Hit කරගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.