Gossip

M.G මුදලින් M.S ට තුනක් දෙයි

M.G ධනුෂ්ක විසින් M.S ප්‍රනාන්දු මහතාගේ ගීත අවසරයකින් තොරව ගායනා කරන බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් රහස් පොලිසියට කළ පැමිණිල්ලක් මත රහස් පොලිසිය බුද්ධිමය දේපළ පනත යටතේ M.G ධනුෂ්කට එරෙහිව නඩුවක් පවරා තිබුණා. එය ඊයේ දින විභාගයට ගැනුණු අතර අවසරයකින් තොරව M.S ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කළ බවට චෝදනා පිළිගත් M.G ධනුෂ්ක විසින්  M.S ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට රුපියල් තුන්ලක්ෂයක වන්දි මුදලක් ගෙවනු ලැබීමෙන් පසු ඔහු කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කරළා.
කොන්දේසිය වශයෙන් තුන්වසරක් යනතෙක් M.S ප්‍රනාන්දු මහතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා නොකරන ලෙසට M.G ධනුෂ්ක හට ඊයේ නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති බවට සඳහන් වෙනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.