Gossip

අවාසනාවන්ත අයියයි මල්ලියි

එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් ඊයේ සවස 6.15 ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේදී දුම්රියේ ගැටී මියගියා. ඒ කොළඹ කොටුව සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙනුයි.

එම අනතුරින් මියගොස්‌ තිබෙන්නේ අනුරාධපුරය නව නගරයේ පදිංචිව සිටි 25 හැවිරිදි ශෂී මධුෂාන් රණවීර නමැති වැඩිමහල් සහෝදරයා සහ 12 හැවිරිදි තීක්‍ෂණ ලක්‌ෂාන් රණවීර නමැති සහෝදරයින්ය

මියගිය ශෂී මධුෂාන් ඊයේ සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එහිදී කටුනායක ගුවන්තොටුපළට ගිය ඔහුගේ මව, පියා බාල සොහොයුරා ඇතුළු ඥාතීන් පසුව ඔහු සමග කොටුව ගාලු මුවදොරට විනෝදවීමට පැමිණි අවස්ථාවේ ඔවුන් කොල්ලුපිටිය ප්‍රදේශයට ගොස්‌ දුම්රිය මාර්ගය අසල හිඳ ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිද්දී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදීමට සිදුවිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.