Gossip

අම්මාගේ බෙහෙත් බීලා මෙලොවින් සමුගත් දියණිය

ගනේමුල්ල ,පහළයාගොඩ ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක් පසුගිය පොසොන් පොහෝ දින සිය මව ලබා ගන්නා යකඩ අඩංගු පෙති වර්ගයක් පානය කර මිය ගොස් තිබෙනවා.අවුරුදු 4 ක් වයසැති මේ පුංචි මල්කැකුළ පොසොන් පොහෝ දින නිවසෙහි මවත් සමඟ සිටියදී පුටුවකට නැග අල්මාරිය උඩ තිබූ බෙහෙත් පෙති කිහිපයක් පානය කර තිබුණා.

මව කියන විදිහට පොසොන් පෝය දවසේ සවස 6ට විතර දරුවාගේ ඇඳුම් දෙකක් හෝදන්න ඇය එහා පැත්තේ බාත්රූම් එකට ගිහිල්ලා තියෙනවා. ඒ මේ මියගිය දරුවා ගේ ඇතුළේම තනියම දාලා. කොහොම වුනත් පස්සේ මේ දරුවා අම්මාට ඇවිත් කියලා මම ඔයාගේ බෙහෙත් එකක් බිව්වා..දැන් මට ඕක් යන්න වගේ කියලා.

මේ බෙහෙත් වර්ගය මවගේ අතේ කැක්කුමක් වෙනුවෙන් නිවසට ගෙනාපු එකක් කියලයි කියන්නේ. මියගිය දරුවා ඒ පෙති 10ක්ම බීලා. දරුවා එම බෙහෙත් වර්ගය පානය කර ඇති බව මවට සැළකිරීමෙන් අනතුරුව දරුවාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබියදී මියගියා.

ගම්පහ රෝහලේදී සිදු කළ මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ අධික ලෙස යකඩ ශරීරගතවීම නිසා මෙම මරණය සිදු වූනා කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.