Gossip

තාම මං එයාගෙන් බදින්න කැමතිද කියල අහලා නෑ – දුෂ්යන්ත් වීරමන්

දුෂ්‍යන්ත්ගේ සද්දේ අඩුවෙලා මොකද?

බස් සින්දු යන කාලයක්නේ මේක, ඒ නිසා ඒ රටාව වෙනස් වෙනකන් බලන් ඉන්නවා.

මේ දවස් වල අළුත් වැඩ මොනවද?

බෑන්ඩ් එකත් එක්ක show කරගෙන ඉන්නවා. ඉදිරියට වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ සින්දුවලට වඩා සංගීත කණ්ඩායමෙන්.

ඒ කියන්නේ?

අපි බැලුවේ මේ show වල සංස්කෘතිය වෙනස් කරන්න, ඒ කියන්නේ රෑ 10ට පටන් අරගෙන උදේ 4 වෙනකන් යන සංගීත සංස්කෘතිය වෙනස් කරන්න තමයි මේ උත්සහ කරන්නේ.

දුෂ්යන්ත් show වලට ගන්න ගාන වැඩි කියලා ගොඩක් අය චෝදනා කරනවා

ලංකාවේ ඉන්න සුප්‍රසිද්ධ Artistලට වඩා මම ගන්න ගාන අඩුයි, මම වැඩිපුර සල්ලි ගන්නවා කියලා මතයක් තියෙනවනම් මම භාරගන්න showවල අනිත් Artistලට ගෙවන ගාන කියනවනම් මම ඊට වඩා රුපියලක් හරි අඩුවෙන් අරගෙන තමයි මම sing කරන්නේ.

දුෂ්‍යන්ත් මයිකල් ජැක්සන් වගේ හදාගෙන තිබුණු පෙනුමට දැන් මොකද වුනේ?

මම මයිකල් ජැක්සන්ව අනුකරණය කරන කෙනෙක් නම් නෙමෙයි, හැබැයි මට ඒ වගේ සින්දු කියන්න,නටන්න පුළුවන්.

දුෂ්යන්ත් වීරමන් කියන්නේ ගායකයෙක් විතරමද?

නෑ. Actor කෙනෙක්, Dancer කෙනෙක් වගේම presenter කෙනෙක්

Film එකක එහෙම රඟපාන්න ආසාවක් නැද්ද?

ආසාවක්නම් තියෙනවා , ආරාධනාත් ලැබෙනවා.

එහෙනම් රගපාන්න යන්නේ නැත්තේ මොකද?

මට දරන්න තියෙන ආවස්ථික පිරිවැය උහුලන්න බැරි නිසා.

මොනවගේ චරිතයක්ද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ?

මම කැමති පොලිස් නිලධාරියෙක් හරි Taxi Driver කෙනෙක්ගේ හරි චරිතයක් කරන්න.

දුෂ්යන්ත් ආසම දේශපාලකයා කව්ද?

මම කැමති සුනිල් පෙරේරා දේශපාලනය කරනවානම්.

ස්ටේෆනිගෙයි දුෂ්‍යන්ත්ගෙයි විවාහය සිද්ධ වෙන්නේ කවදද?

මම තාම මාව බදින්න කැමතිද කියලා එයාගෙන් අහලත් නෑ, ඒ නිසා මට විවාහයක් ගැන කතාකරන්න බෑ.

පසුගිය දවස්වල බුකිය පුරා ලීක් වුණු වීඩියෝව ගැන මොකද හිතන්නේ?

ඒ වගේ වීඩියෝ ලීක් කරන එවුන්ට මට කියන්න තියෙන්නේ එහෙම වීඩියෝ එකක් ලීක් කරලා ෂෙයාර් කරලා එය ප්‍රචාරය කරලා යවන ප්‍රමාණයටම ඒ කරන පුද්ගලයගේත් පාප කර්මය ඒ හා සමානව වැඩි වෙන්න ඕන, ඇත්තමයි මට වෙලාවකට මේක බෞද්ධ රටක්ද කියලත් හිතෙනවා…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.