Gossip

ත‍්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ දැමේ

ත‍්‍රී රෝද රථ වලින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ ත‍්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ දැමීමෙන්.

ලොව පුරා වසරකට පුද්ගලයින් ලක්ෂ 13 ක් රිය අනතුරු හේතුවෙන් මිය යනවා. සෑම තත්ත්පර 6 කටම වරක් ලෝකෙ කොතනක හෝ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වන බවයි සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ. අපේ රටේ වසරකට මාර්ග අනතුරු තිස් හත් දහසක් පමණ සිදුවෙනවා. ඉන් 6000 ක් බරපතල අනතුරු.වසරකට පුද්ගලයින් 2050 ක් පමණ මහමග මෙලෙස සිදුවන අනතුරු හේතුවෙන් මියයනවා.ගතවුණු 2016 වසර තුළ පමණක් රිය අනතුරු හේතුවෙන් මියගිය ගණන 3017 ක්.ඉන් 390 දෙනෙක් මියගොස් තිබෙන්නේ ත‍්‍රී රෝද රථ අනතුරු හේතුවෙන්.

ඒ අනුව තී‍්‍ර රෝද රථ රියදුරන්ට මගී ප‍්‍රවාහනය සඳහා අවම වයස් සීමාවක් හඳුන්වාදීමට රජයේ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. ඒ අනුව මේ වන විට අවුරුදු 18 පවතින එම වයස් සීමාව ඉදිරියේදීඅවුරුදු 35 දක්වා ඉහළ නැංවීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් ත‍්‍රීරෝද රථ රියදුරන්ගෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් ද අප විමසා සිටියා. දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කරගැනීමට මෙම වැඩපිළිවෙළ වැදගත් වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ද පෙන්වා දෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.