Gossip

සමහර වෙලාවට ළඟ ඉන්න මිනිස්සු ගැන කලකිරෙනවා – ගයාත්‍රි ඩයස්

ගයාත්‍රි ලංකාවෙන් යනවා කියන්නේ ඇත්තද?

මගේ දුවලා දෙන්නගේ අධ්‍යාපන වැඩවලට තමයි විදේශගත වෙන්නේ හිතන් ඉන්නේ නැත්නම් මේ ලංකාව අතහැරලා යන ගමනක් නෙමෙයි.

දුවලගේ අධ්‍යාපන කටයුතු නිසාමද යන්නේ?

ඔව්. ඒ දෙන්නගේ අධ්‍යාපන කටයුතු නිසයි කැනඩාවට යන්නේ. නැතුව මට විදේශගත වෙන්න ආසාවකට නෙමෙයි.

විදේශගත වෙලා ගයාත්‍රිට ඒ රටේ රැකියාවක නිරත වෙන්නත් වෙයි නේද?

ලංකාවේ ඇතුළේ ජීවත් වෙන විදිහයි වෙන රටකට ගිහින් ජීවත් වෙන විදිහයි හරි වෙනස්. මම කැමතියි රැකියාවක් කරගෙන ගෙදරට වෙලා ඉන්න.

ඒ සියලු දේවල් සැලසුම් කරලද තියෙන්නේ?

දුවලා දෙන්නගේ වැඩ හැමදේම හරි. දැන් ඒ දෙන්නට යන්න විතරයි තියෙන්නේ. බොහෝදුරට අගෝස්තු මාසේ ඒ දෙන්නා යනවා. මගේ දේවල් නම් ලොකුවට සැලසුම් කරලා නෑ. පළපුරුද්දත් එක්ක මට සැලෝන් එකක රැකියාවක් කරන්න පුළුවන්. බලා‍පොරොතුවෙන් ඉන්නේනම් ඒ රටේ මගේම සැලෝන් එකක් පටන් ගන්න.

ගයාත්‍රි භාරගත්ත වැඩ අතරමග නතර කරන්න වේවිද?

නෑ. මම කවදාවත් භාරගත්ත වැඩක් නම් අතරමග නතර කරලා යන කෙනෙක් නෙවේ. භාරගත්ත ටෙලි නාට්‍ය ගොඩක් ඒ වගේ වැඩ ඉවරයි. චිත්‍රපට කිහිපයක වැඩ ටිකක් තියෙනවා. ඒ අයට මම කීවා ඉක්මනින් ඒ වැඩත් ඉවර කරමු කියලා.

ලංකාව ගැන කලකිරිලාද ඉන්නේ?

රට ගැන නම් කලකිරිලා නෑ. සමහර වෙලාවට ළඟ ඉන්න මිනිස්සු ගැන කලකිරෙනවා.

ගයාත්‍රි අඩු වයසින් විවාහ වීම ගැන මොකද හිතන්නේ?

අවුරුදු දාහතෙන් තමයි මම විවාහ වුනේ. ඒ කා‍ලේ ලොකුවට දැනුණේ නැහැ, කලකිරීමක් නැහැ. විවාහයෙන් මා ලබපු වටිනාම දේ තමයි මගේ දරුවෝ.

ගයාත්‍රි ඩයස්ගේ ජීවිතේ සියල්ල සම්පූර්ණයිද?

අනේ නෑ. එහෙම හිතන්න බෑ.

චන්නත් එක්ක එකතුවෙලා අධ්‍යක්ෂණය කළොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

‍පොඩ්ඩක්වත් කැමති නෑ. චන්න අයියා එක්ක වැඩ කරන්න බෑ. එයාගේ වැඩවලට මම දායක වෙන්නේ නෑ. මට නිදහසේ මගේ වැඩ කරන්න ඕන.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.