Gossip

දුම්රියට පැන දිවිනසා ගත් පේරාදෙණිය සරසවි සිසුවිය

ඊයේ උදෑසන පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ පුහුණු කථිකාචාර්යවරියක ලෙස සේවය කළ තරණි සිරිවර්ධන නමැති 25 හැවිරිදි තරුණියක දුම්රියට පැන දිවිනසාගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විය.

ඇය ඊයේ පෙරවරු 9.30ට පමණ කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ පොඩි මැණිකේ දුම්රියටයි මෙලෙස පන ඇත්තේ. දුම්රියට පැනීම නිසා ඇගේ හිස කඳින් වෙන්වී අත්වල කොටස්ද කැපී අවාසනාවන්ත ලෙස මරණයට පත්විය.

ඇගේ මරණය සියදිවිනසාගැනීමක් ලෙස මේ වනවිට හඳුනාගෙන තිබෙන අතර එයට නිශ්චිත හේතුවක් ප්‍රසිද්ධ කර නැත.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ තරණි පේරාදෙණීය විශ්ව විද්‍යාලයෙන් සිය විද්‍යා උපාධිය සම්පූර්ණ කර එම පීඨයේම පුහුණු කථිකාචාර්යවරියක ලෙස සේවය කරමින් සිටි අතර ඇගේ කණ්ඩායමේ උපාධි ප්‍රදානෝත්සවය පවත්වා තිබී ඇත්තේද පසුගිය සතියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.