Gossip

බෝම්බ බයෙන් ඔස්ට්‍රේලියාව හෙල්ලූ ලංකාවේ කොල්ලා

බෝම්බයක් පුපුරවා ගන්නා බවට ගුවන් යානයක් තුළ දී තර්ජනය කිරීම නිසා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු ශ‍‍්‍රී ලාංකිකයා එරට අධිකරණයක් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අපරික්ෂාකාරී ලෙස ක්‍රියා කරමින් ගුවන් යානයක් අනාරක්ෂිත තත්වයට පත් කිරීම සහ ගුවන් යානයක් විනාශ කරන බවටත් ගුවන් මගීන් මරා දමන බවටත් තර්ජනය කිරීම යන චෝදනා දෙකක් යටතේ ඉදිරියේදී ඔහුට නඩු පැවරීමට නියමිතය.

මෙම ශ‍‍්‍රී ලාංකිකයා ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවට ගොස් සූපවේදී පාඨමාලාවක් හදාරමින් සිටි වයස අවුරුදු 25ක් වන තරුණයෙකි. මොහු එම අවස්ථාවේදී බිමතින් සිට ඇති බවට වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් තරුණය මනෝ චිකිස්සක මධ්‍යස්ථානයකින් ප‍‍්‍රතිකාර ද ලබා ගෙන ඇති බවත් ඔහු එයින් පිටවී ඇත්තේ අදාල ගුවන් ගමන සිදු කළ දිනයේම බවත් විදෙස් වාර්තාවල සඳහන් වනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර දක්වා පියාසර කිරීමට නියමිතව තිබුණු මෙම යානයේ තර්ජනයට ලක්වන අවස්ථාවේ සිට ඇති මගීන් ගණන 330 දෙනෙකි. කෙසේ වෙතත් මගීන් කිහිප දෙනෙකු මෙම තරුණයා අල්ලා ගෙන ඇති අතර යානය නැවත ගොඩබස්වා ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගන්නා තෙක්ම මගීන් ඔහු රඳවාගෙන සිට තිබෙනවා.යානය නැවත ගොඩබැස්සවීමෙන් පසු මගීන් ඉන් ඉවත් කිරීමට පෙර යානය තුළ දැඩි සෝදිසියක් ද සිදු කෙරුණු බවට විදෙස් වාර්තාවල සඳහන් වනවා.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.