Gossip

ජිවිත බේරපු බෆල් රථය දියේ ගිලුණු හැටි

රුදුරු වැහි මාරයා මහා පොළොවට කඩාවැටිලා මිනිස් ජිවිතත් එක්ක ඔවුන් හම්බකරගත්තු දේවල් නොපෙනෙන ඉසව්වකට අරගෙන යද්දී අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ හදවත්වලට දැනුණේ මරණ බයක්.

නොහිතපු වෙලාවක හිතාගන්නවත් බැරිවෙන විදිහට කඩා පහත් වුනු මේ ව්‍යසනයෙදී අපට අහිමි වූ ජිවිත ගණන සියගණනක්. උන් හිටි තැන් නැතිවුණු මිනිසුන් ලක්ෂ ගණනක්. මිනිස්සු මේ මහා ජලකඳ මැද්දේ උඩ ඉන්න දෙවියෝ යදිනකොට ඒ මිනිස්සුන්ගේ පිහිටට ආවේ අපේ රණවිරුවෝ. නිල ඇදුම් ඇදගත්තු මේ දුප්පත් අම්මලාගේ රණවිරු පුත්තු තාමත් දිවා, රෑ නොතකා මිනිස්සුන්ගේ ජිවිත නගා හිටුවන්න දිවිහිමියෙන් කැපවෙලා ඉන්නවා. අපේ ත්‍රිවිධ හමුදාව මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න හෙලිකොප්ටර් යානා, බෆල් රථ ඇතුළු තවත් යාන වාහන රාශියක් පාවිච්චි කළා.

මේ හමුදාව එහෙම නොකරන්න මේ වැහි මාරයා බිලි ගන්න අසරණ ජිවිත ගණන ලක්ෂයක්ද දෙකක්ද කියලා කියන්නවත් බෑ. මිනිස් ජිවිත බේරගන්න ආපු හමුදා බෆල් රථයක් අනතුරුට ලක්වුණු වීඩියෝවක් අපිට ලැබුණා. මේ වීඩියෝව බලද්දී හිත් පිත් ඇති නැති හැමෝටම තේරෙයි අසරණ මිනිස්සු වෙනුවෙන් අපේ හමුදාව මොනතරම් කැපකිරීමක් කරනවද කියලා.

ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් මිනිස් ජිවිත වෙනුවෙන් ජීවිතය කැප කරන රණවිරුවනේ ප්‍රාර්ථනා කරනවා නුඹලාට කුරා කුම්බියෙකුගේන්වත් අතුරු අන්තරාවක් සිදු නොවේවා කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.