Gossip

මං වෙනුවෙන් ජීවිතය දුන්නු ගුවන් හමුදාවේ ඒ දරුවා නිවන් දැක බුදුන් දකින්න ඕන.

මා අද ජීවතුන් අතර ඉන්නේ මාව බේරාගැනිමට ආ ගුවන් හමුදාවේ පුතා නිසයි. නමුත් මම අද ජිවතුන් අතර සිටියත් එදා මව බේරාගත්තු ඒ පුතා මිය ගිහින්, ඒ ගැන මට තියෙන්නේ දුකක්‌ වගේම විශාල කම්පනයක්‌ බව නෙළුව දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරයේ සිටියදී නායයාමට ලක්‌ව බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඥාණවති මහත්මිය කියයි.

නෙළුව, දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරය තුළ සිටියදී පස්‌කන්දක්‌ නාය යාමට ලක්‌වීමෙන් එහි සිටි අට දෙනෙක්‌ එම ස්‌ථානයේ දීම මිය ගිය අතර ඉන් දිවිගලවා ගැනීමට හැකිවුයේ ඥාණවති මහත්මියට හා තවත් කාන්තාවකට පමණයි.

දරුවන් හය දෙනකුගේ මවක වු ඥාණවති මහත්මියගේ දිවි බේරා ගැනීමට ගිය ගුවන් හමුදාවේ සැරයන්වරයකු වූ සේනක යාපාරත්න මහතා ගුවනේ සිට බිමට වැටී  මිය ගියේ සිද්ධියෙන් දිනකට පසු ගාල්ල කරාපිටිය රෝහලේදී.  මේ නිලධාරියාගේ මරණයෙන් මුළු රටම කම්පා වූ බව අප කව්රුත් දන්නා කාරණයක්.

සෙබල සොහොයුරා නුඹට නිවන් සුව ලැබේවා!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.