Gossip

නොඑන ගමන් ගිය එකම පවුලේ සිව් දෙනා

රොටුඹ ඌරව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක 26 වැනිදා රාත්‍රි එකම පවුලේ සිවු දෙනකු හදිසියේ මරණයට පත්ව සිටියා. ඒ ව්‍යාපාරික ස්‌ථානයේ ක්‍රියාත්මක කර තිබූ විදුලි ජනන යන්ත්‍රයෙන් නැගුණ විෂ වායුව ආඝ්‍රාහණය වීමෙන් මෙම මරණ සිදුවී ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ ඌරව ප්‍රදේශයේ පදිංචිව සිටි තොග වෙළෙඳ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යනු ලැබූ පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනායි.ඔවුන් පදිංචිව සිටි ව්‍යාපාරික ස්‌ථානයේ පහත මාලය ජලයෙන් යටවී තිබු නිසා ඉහළ මාලයේ නිදා ගැනීමට ගොස්‌ ඇති අතර විදුලිය විසන්ධිවීම නිසා එහි විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳගේ සොහොයුරා මෙම වෙළෙඳ සැලට පැමිණ වෙළෙඳ සැල වසා තිබීම නිසා සීනුව නාද කර ගෙහිමියන්ට අඬ ගසා ඇත. එහෙත් කිසිදු ප්‍රතිචාරයක්‌ නොවූ නිසා තවත් තරුණයන් දෙදෙනකු සමඟ දොරගුළු කඩා ව්‍යාපාරික ස්ථානයට ඇතුළුව තිබුණා.

වීදුරු ගසා ඇති මෙම වෙළෙඳ සැල තුළට ඔවුන් ඇතුළු වෙද්දී එම විෂ වායුව ආඝ්‍රාහනය වීමෙන් ඔවුන්ද සිහිසුන් වීම නිසා ප්‍රදේශවාසීන් විසින් ඌරුබොක්‌ක රෝහලට ඇතුළු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.