Gossip

මව්වරුන් වෙන්නට බලන් ඉන්න අම්මලා ප්‍රවේශමෙන්

සාමාන්යෙන් කෑම වලට තුනපහ එකතු කරන්නේ රසය වැඩි කරන්න. ඒත් ඒ තුනපහ වලින් කාන්තාවන් වද බාවයට පත් වෙනවා කියලා ඔබ දන්නවද? ගැබිණි මව්වරුන් ගබ්සා වෙන සුදුරු විශේෂයක් මේ වන කොට කොළඹ පිටකොටුවෙන් හොයාගෙන තියෙනවා.

මේ සුදුරු විශේෂයට කියන්නේ සතකුප්ප කියලා. මේවා ගෙන්වන්නේ පකිස්ථානයෙන්. පිටකොටුවේ වෙළඳපොළට ගෙනාපු සුදුරු කිලෝ විසි දෙදාහක මේ සතකුප්ප මිශ්‍ර කරලා අහුවුණා.

මේ සතකුප්ප කියන සුදුරු විශේෂය ආහාරයට ගත්තම ගැබිණි මව්වරුන්ගේ කළලය විනාශ වෙනවා කියලා දේශීය වෛද්‍යවරුන් කියනවා. මේ කියන සතකුප්පත් සතකුප්ප මිශ්‍ර කරලා හදපු තුනපහත් දැන් වෙළඳපොළට ඇවිල්ලා. මේක කියන්නේ පාරිභෝගික අධිකාරිය. දිගින් දිගටම මේ සතකුප්ප අනුභව කලොත් කාන්තාවන් අනිවාර්යෙන් වධ භාවයට පත්වෙනවා.

සුදුරු වලට වඩා දිගින් අඩු මහත පෙනුමක් තමයි මේකේ තියෙන්නේ. ආයුර්වේද වෛද්‍යවරියක් සඳහන් කළේ මේ සතකුප්ප ආහාරයට ගන්න මාතාවක් වද බාවයට පත්වෙන්න පුළුවන් කියලා. කොහොමවුනත් පාරිභෝගික අධිකාරිය පකිස්ථානයෙන් ලංකාවට ගෙන්වන මේ සතකුප්ප ජාවාරම අල්ලන්න දැලක් එළලා ඉවරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.