Gossip

මම ඕවාට කොහෙත්ම බය නෑ – ගයනි මදුෂා

මොකද ගයනි මේ දවස්වල සද්දයක් නැත්තේ?

පහුගිය ටිකේ මම රූපවාහිණි වැඩසටහන්,පුවත්පත් සාකච්ඡා වලට සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසයි මාව දකින ලැබුණේ නැත්තේ. ඉදිරියේදී නව ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

නව රැල්ලට ගීතයක් කරන්න අදහසක් නැද්ද?

මේ යන රැල්ලට ගීතයක් කරන්න නම් මගේ කොහෙත්ම අදහසක් නැහැ. මම හොයන පද රචනයක් මට ලැබුණේ නැහැ. මේ යන රැල්ලට ගීත ඕන තරම් ලැබුණා. එත් ඒවාට මම කැමති නැති නිසා කලේ නැහැ.

දැන් ගයනි පෙම්වතියක් කියලයි ආරංචිය?

ඔව් මම පෙම්වතියක්.

පෙම්වතාත් කලාවට, සම්බන්ධ කෙනෙක් නේද?

මගේ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක් නම් නෙමෙයි.

ඒ කියන්නේ විවාහය ලගදීම සිදු වෙනවද?

ඒක නියමිත කාලයේදී හොද විදිහට වෙයි කියලා මම විශ්වාස කරනවා.

ප්‍රසංග වේදිකාවට තියෙන ඉල්ලුමත් අඩු වෙලානේ?

නැහැ. හොද ඉල්ලුමක් තියෙනවා. පසුගිය කාලය පුරාවටම කාර්යබහුල වුණේ ප්‍රසංග වේදිකාවත් එක්ක තමයි.

ඉල්ලුම වැඩි නිසාද ගාන වැඩි?

මම ලොකු මුදලක් අය කරන ගායිකාවක් නෙමෙයි හැබැයි අඩුම මුදලකට ගීත ගායනා කරන්නෙත් නැහැ.

ඔයා මලිත් පෙරේරා එක්ක ගායනා කරපු ගීතය ඉතාමත් ජනප්‍රිය වුනා නේද?

ඔව් ඔය කියන්නේ ”කිසිදා රිදවා වෙන් නොවෙනා” කියන ගීතය – ඒක මමයි, මලිත් පෙරේරායි කිව්ව ඉතාමත් ජනප්‍රිය ගීතයක්.ශ්‍රී එෆ්.එම් රේඩියෝ එකේ අහස සේ ඔබ අනන්තයි ආදර කථාවේ තේමා ගීතය ඒක. ඇත්තටම ඒකට හොද ප්‍රතිචාර ලැබෙනවා.

ගයනි ගොසිප් වලට බයද?

කට කතා බොරුවටත් හදනවා. ගොසිප් හදාගෙන මඩ ගහන්නේ වැඩකට නැති මිනිස්සු. මම ඕවාට බය නැහැ. කලාකරුවෝන්ට කොහොමත් ගොසිප් හැදෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.