Gossip

පොලිතීන් කෑ ඇතින්න මිය යයි

පොළොන්නරුව, ගල්ලෑල්ල ප‍්‍රදේශයේ කසළ ගොඩක් ආසන්නයේ පොලිතීන් ආහාරයට ගැනිමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇතින්න මියගොස් තිබෙනවා.පශු වෛද්‍යවරුන් පවසන්නේ ඇතින්නගේ උදරයේ තිබී පොලිතින් කිලෝ 25 ක් පමණ සොයා ගෙන තිබූ බවයි.පොළොන්නරුව ගල්ලෑල්ල ප‍්‍රදේශයේ කසළ ගොඩක් ආසන්නයේ පොලිතින් ආහාරයට ගැනීමෙන් දැඩි ලෙස රෝගාතුර වුණු ඇතින්නක් මෙලෙස වැතිර සිටියේ දින කිහිපයක සිටයි.පොළොන්නරුව ගල්ලෑල්ල සහ ඒ අවට ප‍්‍රදේශ කිහිපයක එකතුවන කැළිකසල මේ ස්ථානයට බැහැර කර තිබුණේ තමන්කඩුව ප‍්‍රාදේශීය සභාව විසින්.වනයට මායිම්ව පවතින මේ භූමියේ තිබෙන කැලිකසල ආහාරයට ගැනීම සඳහා වන අලීන් විශාල වශයෙන් පැමිණෙනවා.
එලෙස කැලිකසල ආහාරයට ගත් අවුරුදු 35 ක් පමණ වයසැති ඇතින්නක් පසුගියදා දැඩි ලෙස රෝගාතුර වුණා. මේ පිළිබඳ වනජීවී නිලධාරීන් ද දැන්වත් කිරීමෙන් අනතුරුව පශු වෛද්‍ය සමීර කළිගුආරච්චි මහතා ඇතුළු පිරිසක් ඇතින්නට ප‍්‍රතිකාර ලබා දීම ආරම්භ කලා.

කසළ සහ පොලිතීන් ආහාරයට ගැනීමෙන් අනතුරුව බහිස‍්‍රාවීය පද්ධතියේ සිදුවූ සිරවීමක් නිසා ඇතින්න රෝගාතුර වී ඇති බවයි පශු වෛද්‍යවරයා පවසන්නේ.පැය කිහිපයක් ඇතින්නට ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පොලිතින් කිලෝවක් පමණ ඇතින්නගේ ශරීරයෙන් ඉවත් කිරීමට ඔවුන්ට හැකිවුණා.
ප‍්‍රතිකාර කටයුතු සිදුවන අතරතුරම ඊයේ සවස මේ ඇතින්න මියගියා. පසුව ඇතින්නගේ උදරයේ තිබී පොලිතින් කිලෝ 25 ක් පමණ ඉවතට ගැනීමට හැකිවුණා.

පොලිතින් ආහාරයට ගැනීම නිසා ප‍්‍රදේශයේ වන අලි 13 දෙනෙකු පමණ මේ වන විට මියගොස් ඇති බවද ප‍්‍රදේශවාසීන් පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.