Gallery

නොකියාම යන්නම ගිය ඉංජිනේරු ගායකයා

ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත් කියල කතාවක් තිබුණත් සුපුන් කෞෂල්‍ය කියන්නෙ ගොඩක් දේවල් වලට කෞෂල්‍යයක් තිබුණ හුරුබුහුටි තරුණයෙක්. මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුව සුපුන් උසස් පෙළ උසස් විදියට සමත් උනේ ගණිත අංශයෙන්.ඉංජිනේරුවෙක් වෙන එක ගොඩක් අයට හීනයක් උනත් සුපුන් නම් ඒ හීනය උඩින්ම සැබෑ කරගත්තෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරිලා.

සාමාන්‍යයෙන් ඉංජිනේරු සිසුවෙක් කියන්නෙ පොත පතටම ඇළුණ බාහිර වැඩ නොකරන කෙනෙක් උනත් සුපුන් බොහොම දක්ෂ ගායකයෙක්. බොහොම දක්ෂ පද රචකයෙක්.

ඉංජිනේරුවෙක් වෙලා රටට ලොකු සේවයක් කරන ගමන් ගායකයෙක් වෙලා මුළු රටම සනසන එකයි සුපුන්ගෙ අනාගත බලාපොරොත්තුව වූනේ. ඒත් හදිස්සියේම මරණය ඔහුට හරස් උනා. පහුගිය 24 වෙනිදා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ සුපුන් බිම වැටිලා ඉද්දියි යාළුවන්ට එයාව හම්බුණේ. කොච්චර ඉක්මන්ට රෝහල් ගත කරත් මරුවා ඉක්මන් වෙලා තිබුණෙ.එයාගෙ මරණයට හේතුව තාමත් පැහැදිලි නෑ. රටටම වටින ඉංජිනේරුවෙක් රටටම වටින ගායකයෙක් අපට අහිමි උණා.

මේ උන දේ සුපුන්ගෙ පවුලෙ අයට එයාගෙ යාළුවන්ට තාම හීනයක් වගේ. ඒ වගේම අහල බලන්න මේ සුන්දර තරුණයාගේ කටහඬ කොච්චරක් නම් හදවතට දැනෙනවාද කියන එක.

සුපුන්ගේ ගීත මෙතනින් බලන්න –

#SansaraSihine #

Posted by Supun Kaushalya Samaradiwakara on Friday, April 28, 2017

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.