Gossip

කළුබෝවිල අම්මාට, මර්වින්ගෙන් පිහිට

කළුබෝවිල රෝහලේ වසර 4 ක කාලයක සිට දිවි ගෙවන අසරණ මව් කෙනෙකු පිළිබඳ පුවතක් ඊයේ වාර්තා විය .එම අනාවරණයෙන් පැය 24 ක් ගත වන්නට පෙර ඒ මවට රැකවරණයක් හිමි වී තිබෙනවා.

වයස අවුරුදු 70 ක් පමණ වන මේ මහලූ මව වසර 4 කට අධික කාලයක් ජීවත් වුණේ කළුබෝවිල රෝහලේ.ඇය පවසන ආකාරයට දෙණියායේ උපන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටිනවා. දරුවන්ගේ හෝ ඥාතීන්ගේ කිසිඳු පිහිටක් හෝ රැකවරණයක් නොලැබුණු හෙයින් ඇය කළුබෝවිල රෝහලට පැමිණ තිබුණා.

ඇයගේ ස්වාමි පුරුෂයා ද මීට වසර කිහිපයකට පෙර මියගොස් තිබෙනවා.තම ජීවිතයේ සැදෑ සමය ගත කරන්නට සුදුසු තැනක් අපේක්ෂාවෙන් සිටින මේ මව අපෙන් ද ඉල්ලීමක් කළා. මේ ආකාරයට අපේ පුවත අනාවරණ වීමත් සමග ඊයේ සවස එම ස්ථානයට හිටපු සමාජ සුභසාධන අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා පැමිණියා.මේ මවගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ඇයට ජීවිතයේ සැදෑ සමය ගත කිරීම සඳහා සුදුසු ස්ථානයක් ලබා දීමට මර්වින් සිල්වා මහතා කටයුතු කළා.ඒ බස්නාහිර පළාත් සමාජසේවා අධ්‍යක්ෂිකාවගේ මැදිහත්වීමෙන්.

ඒ අනුව අද දිනයේදී ඇය පිළියන්දල ප‍්‍රදේශයේ ස්වේච්ඡුා සංවිධානයක විසින් පවත්වාගෙන යන වැඩිහිටි නිවාසයකට රැගෙන යාමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.