Gossip

වෛද්‍ය සිසුවා දියේ ගිලුන හැටි බලන්න

පසුගිය 20 වනදා මාකෙළි ඇල්ලෙන් වැටී අගලවත්ත ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ දෙමළ භාෂා පුහුණුව හදාරමින් සිටි තරුණයෙකු අවාසනාවන්ත ලෙසින් මියගියා.

මෙලෙස මියගිය 27 හැවිරිදි වෛද්‍ය සිසුවා ගල් තලාව මත ලිස්සා ගොස් ඇල්ල පාමුල ගැඹුරු ස්ථානයකට වැටී අතුරුදන්ව ඇත අනතුර සිදු වු දින වෛද්‍ය සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකිවීම වීම හේතුවෙන් ඊට පසු දින නාවික හමුදාවේ කිමිදුම් කරුවන් තුන්දෙනෙක් විසින් ඇල්පාල පාමුල අඩි 30 ක් පමණ ගැඹුරක තිබී මියගිය වෛද්‍යවරයාගේ සිරුර සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

සිද්දිය සම්බන්දයෙන් චාරිකාවට එක්වූ අයෙක් එම සිද්දිය විස්තර කලේ මෙහෙමයි

“අපි මෙහි ආවේ දින එකොළහක දෙමළ භාෂා පුහුණු පාඨමාලාවට සහභාගී වෙන්න. එහි තමයි මෙම සිද්ධිය වුනේ. මියගිය අයියා එයාගේ පර්ස් එකයි , Phone එකයි මෙහා පැත්තේ තියලා අනිත් ඉවුරට ගියා. ගිහින් වතුරේ එහා මෙහා ඇවිද්දා. එතකොට එයාව ලිස්සලා වැටුනා. අපි ලඟ තිබුණ ලී දාලා එයාව ගන්න උත්සාහ කලා. ඒයා පීනන්න හැදුවත් පොඩි වෙලාවකින් වතුර යට ගිලුණා. නැවත උඩ ඇවිත් අත් දෙකෙන් හිස ඔබාගෙන එහෙමම යට ගියා.අපි කෑගහලා උදව් ඉල්ලුවත් මොකුත් කර ගන්න බැරි උනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.