Gossip

සමිත් සිරිමාන්නට පොල්ල තිබ්බ නිළිය මෙන්න

දැන් තියෙන මියුසික් ෆීල්ඩ් එකේ හැටියට ඕනම කෙනෙකුට සල්ලි තියෙනව නං ජනප‍්‍රිය වෙන්න පුලුවන්. ඒත් ඒ වගේ ජනප‍්‍රිය වුණ අයට ඒ ජනප‍්‍රියත්වය රැක ගන්න ඊට වඩා යුද්ධයක් කරන්න වෙන බව පේනවා. ඒ විතරක් නෙවෙයි. එහෙම එක රැයින් පායපු තරු දැන් ආගිය අතක් හොයා ගන්නත් බැරි වෙලා තියෙනවා. කොහොම වුනත් සමිත් සිරිමාන්න කියන්නෙ නම් මේ හේතු දෙකෙන්ම නොව තමන්ගෙ හැකියාවෙන් හඬින් මේ රටේ ජනප‍්‍රිය වෙලා ඒ ජනප‍්‍රියත්වයේ කිරුළ ඉහලින්ම රැක ගත්තු ගායකයෙක්.

කොහොම වුනත් සමිත් පහුගිය දවස්වල එක්තරා නිළියක් නිසා අලි අමාරුවක වැටුන බවට රාවයක් පැතිරිලා ගියා. ඒ හින්දම මේ කතන්දරේ මොකක්ද කියල අපි සමිත්ගෙන් අහන්න අමතක කලේ නෑ. මේ සමිත් සිරිමාන්න ඒ ගැන Gossip King අපට කිව්ව කථාව.

සමිත් සිරිමාන්න කියන ගායකයා මිනිස්සු අතරට එන්නෙ කොහොමද?

ඇත්තටම මේ රටේ මිනිස්සු මාව අඳුර ගන්නෙ පෙනෙනා තෙක් මානේ ගීතයෙන්. එතනින් පස්සෙ පිං මදිද දන්නෑ කියන ගීතයෙන් මම මිනිස්සු අතර යලි ඉපදුනා වගේ වුණා. මේ ගීත දෙකේ වෙනස්ම රසය නිසා මාව මේ රටේ ඉහලම තැන තිබ්බා. මේ ගීත දෙකෙන් පිං මදිද දන්නෑ ගීතය පෙනෙනා තෙක් මානේ ගීතයට වඩා වේගයෙන් මිනිස්සු වැළඳ ගත්තා.

සමිත් පහුගිය කාලෙ ලොකුවට මාධ්‍ය හරහා සද්දයක් දැම්මනේ අලුත් විඩියෝ එකක් එනව කියලා. කෝ ඒක. සද්දෙ විතරක් වුණාද?

මෙහෙමයි. ඒ ගීතයට ෆේස් බුක් හරහා මට ලොකු ප‍්‍රචාරෙකුත් ලැබුණා. ඒකට මල් වලට වඩා ගල් තමයි ලැබුණේ. ඒක ඇත්තටම මාව වට්ටන්න පිරිසක් ගෙන ගිය කුමන්ත‍්‍රණයක් කියලත් මට හිතුන වාර අන්නතයි.

ඒ මඩ වලට බයේ ඔයා වැඩේ අතඇරියා. එහෙමද?

නෑ එහෙම එකක් නෙවෙයි. ඇත්තටම ඒ ගීතය දාන්න තිබුණේ මේ මාසෙ අන්තිම. ඒත් ඒ වැඩේ අලුතින් ෆීල්ඩි එකට ආව ටෙළි නිළියක් විනාශ කරල දැම්මා. ටික කාලෙකට.

මොකක්ද මේකට ඔය කියන නිළියගෙ තියෙන සම්බන්දේ?

ඔයා අහන විඩියෝ එකට ඔය කියන නිළිය තමයි ගන්න හිටියේ. එයා දීපු ඩේට් එකට අපි ෂූට් එකත් දාගෙන හිටියෙ. ඒත් ෂූට් එකට හැමදේම දාගත්තට පස්සෙ ඇය විළිලැජ්ජා නැති විදියට එන්න බෑ කියල මග ඇරියා.

ඇයි ඉතිං ඔය කියන නිළියම තෝර ගත්තෙ ඕකට. තව නිළියො ඉන්නවනෙ?
කැරැක්ටර් එකට ගැලපෙන්නෙ එයා කියල මට හිතුනා. ඒ හින්දා ඕඩියෝ එකයි පිටපතයි එයාට යැව්වා. ඒක බලලා ඕකේ එක දීලත් තමයි පස්සෙ අර වගේ කැත වැඩක් මට කලේ.

එන්න බෑ කිව්වේ ඔයාව හමුවෙන්න ඇවිල්ලද?
අනේ නෑ. හම්බ වෙන්න තියා කෝල් එකකින්වත් නෙවෙයි මැසේජ් එකකුයි දාල තිබුනෙ එන්න බෑ කියලා.

ඇහුවෙ නැද්ද බෑ කියන්නෙ ඇයි කියලා?
ඇහුවා. මම කිව්ව දින ප‍්‍රශ්නයක් නං කියන්න වෙන දවසක් දාගන්නම් කියලා. මොකද ඒ වෙනකොට ලොකේෂන් බුක් කරල යුනිට් බුක් කරල ලොකු වියදමක් ඒවට යට කරලයි තිබුනෙත්. ඕනම කෙනෙක් මේ වගේ වැඩක් කරන්නෙ ප්ලෑන් කරලනෙ. ඒත් මේ වගේ වගකීමක් නැති නීළියො කියාගන්න අයත් එක්ක වැඩ කරන්න ගියාම මම විතරක් නෙවෙයි ඔිනම නිර්මාණකරුවෙක් අමාරුවෙ වැටෙනවා.

ඉතිං අන්තිම මොහොතෙ මොකද මේ නිළිය පොල්ල තිබ්බේ ඔයාට?
මම ඇහුවම එයා කිව්වේ මේ ගීතය ස්ටෑන්ඩඩ් මදි කියලා.

එයා ප‍්‍රවිණ නිළියක්ද?
වයස අවුරුදු 22 ක 23 ක. අද ඊයෙ ෆීල්ඩ් එකට ආව එයාට ප‍්‍රවීණයි කියනව නං ප‍්‍රවීණ අයට මොකද කියන්නෙ. ප‍්‍රවීණයො කවදාවත් ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරල මිනිස්සු අමාරුවෙ දාන්නෙ නෑ.

ස්ටෑන්ඩඩ් මදි කිව්වම ඔයාට දුක හිතුනද?
අනේ නෑ. ඒක අහල මට හිනා ගියා. මම ස්ටෑන්ඩඩ් මදි සින්දු කියන්නෙත් නෑ, කරලත් නෑ, කරන්නෙත් නෑ. අනික ස්ටෑන්ඩඩි මදි නං රේඩියෝ චැනල් වල ප්ලේ කරන්නත් බෑ. කරන්නෙත් නෑ. අනික මම මියුසික් කරන කෙනෙක්. එයා නිළියක්. එයා මට වඩා සිංදුවක හොද නරක කියන්න දන්නෙ නෑනෙ. එයා ඇත්තටම එයාගෙ ජොබ් එකේදි ප්‍රෝපෂිනල් මදි. මම ඒක එයාට පහදලා දුන්නා.

දැන් ඔය කියන නිළිය එක්ක ඔයා තරහද?
මම කලාකාරයෙක්. ඒ හිංද මම එයාගෙන් ඉල්ලනව මේ වගේ මිනිස්සු අමාරුවෙ නොදා තමං බාර ගත්ත වැඩේ මින් පස්සෙවත් හරියට කරන්න කියලා.

ඉතිං ඔය කියන නිළිය ඇරෙන්න මේ රටේ වෙන නිළියො නැද්ද ඕකේ රඟපාන්න?
ඉන්නවා ඉන්නවා. දැන් අපි කෙනෙක් ඒකට සුදානම් කරගෙනයි ඉන්නෙ. ලබන මාසෙ අනිවාර්යෙන්ම ඒ විඩියෝ එක මිනිස්සුන්ට දකින්න පුලුවන්.

දැන් ඔය කියන නිළිය කවුද?
එයාගෙ නම නම් කියන්න අවශ්‍ය නෑ. මොකද එහෙම වුණාම ඔය කියන නිළියටමයි තවත් අනවශ්‍ය ප‍්‍රචාරයක් ලැබෙන්නෙ. ඒක මියුසික් විඩියෝ එකකුත් එක ටෙළි නාට්‍යකුත් රගපාපු එයා ගැන කතා කරල වචන නාස්ති කරන එකත් අපරාදෙ. මට හිතා ගන්න බෑ ඒ වගේ අය එක්ක නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු වැඩ කරන්නෙ කොහොමද කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.