Gossip

IPL ජයග්‍රහණය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

2017 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. අවසන් මහා තරගය පැවැත්වුනේ හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරඟයෙන් එක් ලකුණකිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස් කළේය.

මුම්බායි වෙනුවෙන් කෘනල් පාන්ඩ්යා 47ක් හා රෝහිත් ශර්මා ලකුණු 24 ක් රැස් කිරීමට සමත්විය.පන්දු යැවීමේදී ජයදේව් උනාද්කත් , ඇඩම් සම්පා සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් කඩුලු 2 බැගින් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 128ක් පමණි.
ස්ටීවන් ස්මිත් 51 යි. අජින්කෙයා රහනේ ලකුණු 44 ක් ලබාගත්තා. මිචෙල් ජොන්සන් කඩුලු 3යි. ඒ අනුව මෙවර අයි පී එල් ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හිමිවිය. ඔවුන් අයි පී එල් ශුරතාවක් හිමිකර ගත් තුන්වන අවස්ථාව මෙයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.