Gossip

ලක්ෂ 20ක අයිස් එක්ක කාන්තාවන් දෙදෙනෙකු මාට්ටු

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු නොවූ ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍යයක් සමඟ වත්තලදී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් නමැති මෙම මත්ද්‍රව්‍ය බහුල වශයෙන් යුරෝපිය රටවල භාවිත කරන බවට සුරාබදු දෙපාර්තමෙන්තුව සඳහන් කළා. අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා සතුව තිබී රුපියල් ලක්ෂ 20කට අදික වටිනාකමකින් යුත් ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් නමැති මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සොයාගෙන ඇත.

සැකකාර කාන්තාවන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක පටන් සිදු කර ඇති බවට සඳහන් වන අතර ඔවුන් ශරීරයේ අභ්‍යන්තරයේ සගවාගෙන ඉන්දියාවේ සිට මෙරටට එම මත්ද්‍රව්‍යය රැගෙන ආ බවද සඳහන් වේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.