Gossip

එදා මට දුක හිතුනෙ මගේ රසික රසිකාවියො ගැන – ශිහාන් මිහිරංග

Shihan Mihiranga

ශිහාන් මිහිරංග කියන්නෙ මේ රටේ වයස් බේදයකින් තොරව හැමෝම ආදරය කරන ජනප‍්‍රිය තරුවක්. ඒ වගේම නිහතමානී චරිතයක්. ලොකු සීන් නැතුව දැක්ක තැන කොහොමද කියල අහන්න තරම් ඔහු මේ රලු පොලොවෙ පය ගහල ඇවිදින සුපිරි චරිතයක්. ඉතින් මේ ශිහාන් මිහිරංග ඔහුගේ අලුත් තොරතුරුත් එක්ක දොඩමලු වු මොහොතක්.

කොල්ලො දෙන්නෙක්ගෙ තාත්ත තෙනෙක් නේද දැන් ඔහොම හිටියට?
ම්ම්ම්…ඔවි. ඒ ගැන සතුටුයි. මට ඒ දෙන්නත්, මගේ බිරිදත් මට මගේ ජීවිතය හා සමානයි.

පහුගිය කාලෙ ඔබ දරුණු විදියට අසනීප වුණා නේද?
ඔව්. මට ඩෙංගු රෝගය වැලදිලා රෝහල් ගත වෙලා හිටියා. දැන්නම් හොදයි. ඒත් තාම රෙස්ට් කරනවා. දැඩි සත්කාර ඒකකයෙත් මට නතර වෙන්න වුණා කාලයක්.

මොකද හිතුනෙ ඒ වගේ අසනීපෙන් ඉද්දි?
හිතට බය දැනුන අවස්ථාත් තිබුණා. කීප අවස්ථාවකදීම රෝගය උත්සන්න වුණා. ඒ වගේ වෙලාවල තිගැස්මක් දැණුනෙ නැතුව නෙවෙයි.

ඔබට සංගීත ප‍්‍රසංගත් ගොඩාක් මග ඇරෙන්න ඇති ඒ කාලෙ?
මම රෝහල් ගත වුනේ අප්‍රියල් 9. ඊට කලින් ඒ මාසෙ ප‍්‍රසංග 4 ක් 5 ක් වගේ තමයි කරන්න පුලුවන් වුනේ. ඉතුරු ප‍්‍රසංග සේරම වගේ අත අරින්න වුණා.

ප‍්‍රසංග සංවිධායකවරු කේන්ති ගත්තෙ නැද්ද ඉතිං?
අපෝ නෑ. ඔවුන් මම ඉන්න තත්වය තේරුම් ගත්තා. බොහෝ දෙනෙක් රෝහලට ඇවිල්ල බලලත් ගියා. හුගක් අය කිව්වේ ශිහාන් ඔයා සනීප වෙන්න කියල මිසක් තරහක් ඇති කර ගත්තෙ නෑ.

ශිහාන් දන්නවද එක වෙබ් සයිට් එකක් ඔබ මිය ගියා කියලත් නිවුස් එකක් ගහල තිබුන කියල?
මම ඒ ගැන දැන ගත්තෙ පස්සෙ දවසක. හිතට කණගාටුවක් ඇති වුණා තමයි ඒක අහලා. ඒක යම් කිසි වෙබ් සයිට් එකක් මුදල් උපයා ගන්න දාපු නිවුස් එකක් වෙන්න ඇති කියල මම හිතනවා. මේ වගේ පහත් පෙලේ කීප දෙනෙකුත් අද මේ රටේ ඉන්නවා. ඇත්තටම ඒක දැකල මට දුකට වඩා හිනා ගියා.

දුුක හිතුනෙම නැද්ද ඒක දැකල?
මට දුක හිතුනෙ මගෙ රසික රසිකාවියො ගැන. මොකද ඒ අය මේ ආරංචියෙන් ගොඩාක් කලබල වුණා. ඔවුන් මට ආදරේ තරම මං දන්නවා. මාව බලන්නත් ගොඩාක් අය ආවා. ඒ අයට මම ස්තුතිවන්ත වෙනව මේ මොහොතෙ. ඒ අය නිසයි අද ශිහාන් කියල කෙනෙක් මේ රටේ ඉන්නෙ. ඔවුන් තරමටම මමත් ඔවුන්ට ආදරෙයි

ශිහාන් හිතෙන්නෙ නැද්ද එදාට වඩා රසිකයින් තරමක් අද ඔබෙන් ඈත් වෙලා කියල?
එදාටත් වඩා අද මං වටේ රසික පිරිස වැඩියෙන් එකතු වෙලා ඉන්නවා. මගේ නිර්මාණ වලදි දක්වන ප‍්‍රතිචාර බැලුවමත් ප‍්‍රසංග වලදි මට ලැබෙන ප‍්‍රතිචාරත් බැලුවම ඒක හොදින්ම ඔප්පු වෙනවා.

අලුතින් කරපු නිර්මාණ එහෙම නැද්ද ළගදි අහන්න දකින්න?
මම නිර්මාණ කීපයක්ට අත ගහල හිටියෙ. ඒත් අසනීප තත්වෙ නිසා ඒව පොඩිඩක් පස්සට ඇදුනා. ඒත් දැන් මට සුවයි. ඉදිරියෙදි මගේ නිර්මාණ දෙකක් රසිකයින්ට පිරිනමනවා. ඒකට තව වැඩි දවසක් යන්නෙ නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.