Gossip

සැමියාගෙන් තහංචි වැටෙන චරිතයක් මම කවදාවත් කරන්නේ නැහැ – අනුරුද්ධිකා පාදුක්කගේ

අනුරුද්ධිකා මේ දවස්වල වැඩ මොනවද?

අලූත් ටෙලි නාට්‍ය දෙකක වැඩ අවසන් කළා. රජීව් ආනන්දගේ මද්දුම බලකාය සහ චන්දන හේවාපතිරණගේ කුලියට හෝ බද්දට කියලා ටෙලි නාට්‍ය දෙකෙන් මාව ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි.

එකම චරිතයකට කොටු වෙලාද ඉන්නේ?

මම එකම චරිතයකට හිර වෙන්න කැමැති නැහැ.ඒ වගේම විවිධ චරිත රඟපාන්න මම ගොඩක් කැමතියි.
වැඩිය රගපාන්නේ නැත්තේ ඇයි?

ඕනවට වඩා කතාව ඇදුනොත් පේ‍්‍රක්ෂකයන්ට අපිව එපා වෙනවා. එතකොට කතාවේ රසය ලස්සන නැති වෙනවා. මම දැකලා තියෙනවා සමහරු පිටපතේ ඉදිරි කොටස් ලියන්නේ රූගත කිරීම් වල නියැලිලා ඉන්න වෙලාවට දුවන ගමන් ලියන පිටපත් වල රඟපාන්න මම කැමති නැහැ.
පසුගිය කාලේ වැඩිය නිර්මාණ වල හිටියේ නැත්තේ ඒකද?

පසුගිය කාලේ රංගන කටයුතු ටිකක් සීමා කරන්න වුණා මගේ පුතාලා දෙන්නා නිසා. විවාහ වුණාම ඉතින් වගකීම් ගොඩක් පැවරෙනවානේ. අංක එක පවුලට දෙන්න ඕන. මම රඟපානවා කියලා පවුලේ වගකීම් අතපසු කරන්න බැහැනේ. පුතාලා දෙන්නා ලැබුණට පස්සේ මම රංගන වැඩවලට දායක වුණේ සීමා සහිතව.
සැමියා ඔබේ රංගන ජීවිතේ සීමා කරලා ද?

සෑම සාර්ථක පුරුෂයෙක් පිටුපසම හොඳ ගැහැණියක් ඉන්නවා කියනවානේ. ඒ වගේම තමයි මගේ රංගන ජීවිතේ සාර්ථකත්වට මගේ පිටුපස ඉන්න ශක්තිය තමයි මගේ සැමියා. ඒ ලැබෙන සහය ගැන කියන්න මට වචන නැහැ. ඒ වගේ ආදරණීය පවුලක්, සැමියෙක් ලබන්න මම ගොඩක් පිංවන්තයි කියලා හිතෙනවා. ඔහු කවදාවත් මගේ රංගන ජීවිතේ සීමා කරලා නැහැ. ඔහුගෙන් තහංචි වැටෙන චරිතයක් මම කවදාවත් කරන්නේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.