Gossip

සැමියාගෙන්වත්, මගේ දරුවන්ගේන්වත් අයින් වෙලා නෑ – අමිලා නදීෂානි

අමිලා මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල නම් මම මගේ ව්‍යාපාර කටයුතු වලට මුල් තැන දීලා තියෙන්නේ. ඒ වගේම අලුත් නිර්මාණයක් කළා. තාම වීඩියෝ එක කලේ නෑ. ඒකත් කරලම එලියට දානවා.

අමිලා සංගීත ප්‍රසංග වලට ගිහිල්ලා කරදර වලට මුහුණ දීලා නැද්ද?

මම කොහොමත් සංගීත ප්‍රසංග වලට තනියම යන්නේ නැහැ. මම යන්නේ මගේ සැමියා සමන්ත එක්කමයි, ඉස්සරනම් සමහර පිරිමින්ගෙන් පුදුම කරදරයක් තිබුනේ මාව අතගානවා, ලගට ඇවිත් ලං වෙලා කතාකරන්න හදනවා ඇදුමෙන් පවා ඇදලා කරදර කරනවා. දැන්නම් මාත් දන්නවා කතා බහා කරන්නේ මොකටද කියලා එහෙම අයගෙන් හුගාක් පරිස්සම් වෙනවා.

කට්ටිය කියන්නේ අමිලා සැමියාගෙන් අයින් වෙලා ඉන්නේ කියලා මොකක්ද ඒ කතාව

මමත් ඒ කතාව අහලා තියෙනවා ඒ වුනාට මම සැමියාගෙන්වත් මගේ දරුවන්ගේන්වත් අයින් වෙලා නෑ.  අපි ජිවත් වෙන්නේ එකට, මොන හේතුවක් නිසාද එහෙම කියන්නේ කියලා හිතාගන්න බෑ. අනික මම ජනප්‍රිය වෙන්න කලින්නේ මට සැමියා ලැබුනේ ඉතින් ඒ බැදිම මොනම හේතුවකින්වත් නැතිකරගන්න මට උවමනාවක් නෑ.

අමිලා ව්‍යාපාරික කටයුතු කරන නිසා ඉදිරියට ගායිකාවක් විදියට දකින්න නොලැබෙයිද?

කොච්චර කාර්යබහුල වුනත් කලාවෙන්නම් මම ඉවත් වෙන්න හිතන්නේ නෑ, මොකද මට හැමදෙයක්ම ලැබෙන්නේ ගායිකාවක් විදිහට සාර්ථක වුණු නිසයි.

හෙට දවසේ බලාපොරොත්තු මොනවද?

මගේ කළා කටයුතු, ව්‍යාපාරික කටයුතු කරගෙන දරු පවුලත් එක්ක සාමයෙන් සමගියෙන් ජිවත් වෙන එක තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.