Gossip

අපේ සංගීත කණ්ඩායමක් හාරකෝටියට විකිණේ

musical band

ලොකු වැවක් ගැන කියවෙන පළාතකින් බිහිවෙන සංගීත කණ්ඩායමක් තියනවා. බොහෝ කාලයකට කලින් එළවළු වර්ග කිහිපයක් එකතු කරලා හදන රස කෑමක නමින් මේ සංගීත කණ්ඩායම නන්ස්ටොප් වැලක් ඉදිරිපත් කරලත් කණ්ඩායම් සංගීතයේ ලොකු වෙනසක් ඇති කලා.

ලංකාවේ ජනප‍්‍රියම සංගීත කණ්ඩායම් අතරේ අංක 01 ට හිටිය මේ සංගීත කණ්ඩායම මේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාමත් ජනප‍්‍රිය වුනා. කොහොම වුනත් පහුගිය කාලේ අවස්ථා කීපයකදිම මේ කණ්ඩායම දෙදරීම් කීපයකට ලක් වුනා. මෑත කාලයේ මේ සංගීත කණ්ඩායම විශාල කඩා වැටීමකට ලක් වුනේ කණ්ඩායමේ හිටිය ආරම්භක සාමාජිකයින් ඇතුඵ කීපදෙනෙක් අයින් වෙලා වෙනත් සංගීත කණ්ඩායමක් හදා ගත්තට පස්සේ.

හඳට ගිය කෙනෙක්ගේ නම සිහිපත් වෙන කෙනෙකුත් ඉන්න මේ සංගීත කණ්ඩායමේ ඉන්න හින්දමද මන්දා මොන බාධක ආවත් බෑන්ඞ් එක කඩා වැටෙන්න නොදී ඉදිරියට අරගෙන ආවා.

කොහොම වුනත් මේ කියන සංගීත කණ්ඩායම පහුගිය දවසක කෝටි 04 ක මුදලකට තවත් දැවැන්ත ව්‍යාපාරකයෙකුට විකුණා දැමූ බවටයි ආරංචි ලැබෙන්නේ. දැන් අර කලින් හිටපු නායකයෝ, ගායකයෝ, වාදකයෝ කණ්ඩායමේ අලුත් අයිතිකාරයාගේ වැටුපට කණ්ඩායමට සංගීතය සපයනවලු.

කොහොම වුනත් කලින් හිටපු නායකයාගේ දුරකථන අංකයට කතා කලාම දැන් කතා කරන්නේ ඒ නායකයා වෙනුවට වෙනත් පුද්ගලයෙක්ලූ.

හැබැයි ඔහු පිලිතුරු දෙන්නේ :ආ…. එයා ටිකක් එළියට ගිහින්නේ. ෂෝ එකක්නම් මාත් එක්ක කතා කරන්න. අපි වැඩේ කරමු කියලලූ.

හැමදේම මුලදට විකිනෙන රටේ මේ සංගීත කණ්ඩායම විකිනිලා ගිය එක ගැන පුදුම වෙන්න ඕන නැතත් හැමෝම ආදරේ කරපු මේ සංගීත කණ්ඩායමේ හෙට දවස ගැන සංගීත ලෝලීන් බොහෝ කල්පනාවෙන් බලාගෙන ඉන්නවලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.