Gossip

බැන්දේ නැතුවට අපි දෙන්නා හැම දෙයක්ම ෂෙයාර් කරගන්නවා 

මේ දවස්වල දමිතා මොනවද කරන්නේ?

අලුත් නාට්‍යක වැඩකටයුතු කරගෙන යනවා සාමාන්‍ය විදිහට. කාලෙකට පස්සේ ලැබුණු අමුතුම චරිතයක් තමයි මේ නාට්‍යයේ මට ලැබිලා තියෙන්නේ. ඉස්සරහට ඒ නිර්මනයෙන්ම බලාගන්න පුළුවන් වෙයි.

දමිතාට අධ්‍යක්ෂකවරුන්ගෙන් අයුතු යෝජනා ඇවිල්ලා නැද්ද?

අවුරුදු 07දී තමයි මම රගපාන්න එන්නේ,ඉතින් මම තරුණ කාලේ ඉදලම මේ ක්ෂේත්‍රයේ ඉන්න අයවත් හිටපු අයවත් හොදින් අදුනනවා ඒ නිසා මට ඒ වගේ යෝජනා අවේ නැහැ.

නවක නිළියන් ගැනනම් එන්නේ හොද කතන්දර නෙමේ නේද?

දැන් ඉන්න නිළියන් ගැන මට අහන්න ,දැනගන්න ලැබෙනවා ඉතින් ඒ අයත් රංගනය තුල පැවැත්මක් හදාගන්න අනවශ්‍ය විදිහට හැසිරෙන එකනම් හොද දෙයක් නෙමෙයි.

තවත් අවුරුදු 14ක් ලව් කර කර ඉන්නද කල්පනාව?

අවුරුදු 14ක් වෙනවා අපි දෙන්නගේ ආදරේට ඉතින් මගේ විවාහ ජීවිතය ලස්සනට තියෙන්න ඕන කියලා මම හිතුවත් මට තාම ඒ දේ හැබෑ කරගන්න බැරිව විවාහය හැමදාම කල් යනවා. මගේ හදහනෙත් විවාහය හරියට පෙන්නන්නේ නැහැ. කසාදය කියන දේ කොලයක ලියවුනේ නැති වුනාට අපි දෙන්නා හැම දෙයක්ම ෂෙයාර් කරගන්නවා ඉතින් විවාහය වෙන දවසක වෙයි කියලා බලන් ඉන්නවා.

ඔයාගේ ජිවිතේ අත්අරින්න බැරි දේවල් මොනවද තියෙන්නේ?

මගේ ආදරයයි,මගේ අම්මයි,මම රගපාන එකයි. ජීවිතය පුරාම මන් ලගින් තියාගෙන ඉන්නවා අතාරින්නේ නැතිව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.