Gossip

තිසරපට තොගයක් මීතොටමුල්ල කළඹයි

කසළ කන්ද නායයෑමෙන් විපතට පත්ව රැඳී සිටින මීතොටමුල්ල කාන්තාවන්ට නොමිලේ ලබා දුන්නා යැයි කියන තිසරපට තොගයක තිබී යමම් කිසි පෙති වර්ගයක් හා ජෙල් වර්ගයක් අඩංගු කුඩා පැකට්ටු කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඉකුත් 27 වනදා මෙම පිරිස නතරව සිටින ස්ථානයට පැමිණි කාන්තාවන් ඇතුළු පිරිසක් තරුණියන්ට සහ පාසල්යන දැරියන් පමණක් තෝරාගෙන මෙම තිසරපට ලබා දී තිබෙනවා.

මෙම තිසරපට ලබාගත් තරුණියන් දිනකට පසු ඒවා සේදීමට යාමේදී මෙම තිසරපටවල පෙති සහ ජෙල් වර්ගයක් ඇතිබව දැනගෙන තිබෙනවා.

එම තිසරපටය තුළ ඉතා හොඳින් අසුරා මසා පිටතට නොපෙනෙන ආකාරයට මෙම පෙති සහ ජෙල් වර්ගය අසුරානිම කර තිබු බව මවුවරු පවසනවා.කෙසේ වෙතත් මෙම ප්‍රශ්නයෙන් මවුවරුන් අතර විශාල කසුකුසුවක් සහ සැකයක් මතු ඇති බව දැනගන්නට ලැබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.