Gossip

නරුම මිනිහ බිරිඳ මරලා කරපු දේ

සිය බිරිඳ ඝාතනය කර ඇගේ සිරුර ලොරියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු හබරණදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හබරණ පොලිසිය පැවසුවේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

හබරණ අලූත්ඔය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ රාත‍්‍රීයේ සිය බිරිඳ සමග ගැටුමක් ඇති කර ගෙන තිබුණා. එහිදී බිරිඳ මියගොස් ඇති අතර එම සැකකරු බිරිඳගේ සිරුර ඔහු මාලූ අලෙවි කිරිමට යන ලොරියේ තබා ගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. ඒ පිළිබඳව ප‍්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී තිබුණා. ඒ අනුව හබරණ සහ ගල්ඔය පොලිසි ඒකාබද්ධව සැකකරු අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේදී ලොරියේ ඉදිරිපස අසුනේ මියගිය බිරිඳගේ සිරුර තබාගෙන ආසන පටිය ද පළදා සැකකරු දේහය රැුගෙන ගොස් ඇති බවයි පොලිස් නිලධෘරීන්ට දැක ගන්නට හැකිවි තිබෙන්නේ.

අදාල කාන්තාව අද අලූයම 1 ට පමණ හබරණ රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටියා. ප‍්‍රදේශවාසීන් පොලිසියට පවසා තිබෙන්නේ මෙම බිරිද හා සැමියා අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇතිවන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.