Gossip

ඒකට තව කල් තියෙනවා

දුලානි අනුරාධා කියන්නේ අපි කවුරුත් ආදරය කරන දක්‍ෂ නිළියක්. ආදරේ කරන අයගේ තොරතුරු දැනගන්න හැමෝම කැමතියි. දුලානි කියන්නේ පාසල් ගුරුවරියක්. ඒ හින්දාම එතනින් ඇයත් එක්ක කතාව පටන් ගන්න අපි හිතුවා.

ඉස්කෝලේ ළමයි ටීචර්ගේ රගපෑම් ගැන මොකද කියන්නේ?
හැමෝම කැමතියි. ගොඩක් වෙලාවට ඒ ගොල්ලෝ මං රගපාන සමහර චරිත ගැන කතාරනවා ලොකු පංති වල ලමයි තමයි ගොඩක්ම මාව වර්ණනා කරන්නේ.

ගුරුවරියකට රගපෑම ප‍්‍රශ්නයක් නොවෙයිද?
අපේ රටේ සංකෘතියත් එක්ක මම ජීවත් වෙන්නේ. මම ඒ සීමාවේ ඉදගෙනයි චරිත තෝරා බේරා ගන්නේ. ගුරුවරියක් කියන එක මම රගපෑමේදි එතරම් හිතට ගන්නේ නෑ. නමුත් ලංකාවේ සංස්කෘතිය ඉදගෙන මං වැඩකරනවා.

ජොබ් එක කරන ගමන් රගපාන්න වේලාව වෙන් කර ගන්නේ කොහොමද?
මම කළා කටයුතු වෙනුවෙන් වෙන් කරන කාලේ අඩුයි. මොකද ගුරුවරියක් විදියට මං ලොකු වගකීමක් දරන කෙනෙක්. ගුරු වෘත්තියට සාධාරනයක් ඉෂ්ඨ කරලයි. මම අනිත් කලා කටයුතු ගැන බලන්නේ.

ඇත්තද අවුරුද්දට එක චිත‍්‍රපටියයි එක ටෙලි නාට්‍යයයි කියන්නේ?
බොහෝ විට එහෙම තමයි.

ඔයා කාර්ය බහුලයිද?
මං ගොඩක් වැඩ කරන්නෙත් නෑ. ගොඩක් වැඩ බාර ගන්නෙත් නෑ. මේ තියන වැඩ අතරෙත් මං ගොඩක් වෙහෙසට පත්වෙලයි ඉන්නේ. හැබැයි මට මේක පුරුදුයි දැන්.

වැඩියෙන් ආදරේ කලාවටද, ගුරු වෘතියටද?
මේ වෘත්තීන් දෙකටම මං එක වගේ ආදරෙයි. ඒ දෙකම මගේ ජීවිතයට ආලෝකයක්.

තාම තනිකඩ මොකද?
මේ තියන නිදහස නිසා මට මගේ වැඩ කර ගන්න පහසුයි.

එතකොට හැමදාම තනිකඩයිද?
අපොයි නෑ. විවාහ වෙනවා. විවාහය පරක්කු වෙන්නේ තව ටිකක් කල් මට තනියෙන් ඉන්න පුළුවන් කියලා මට හිතෙන නිසා.

ගෙදරින් බල කිරීමක් නැද්ද බදින්න කියලා?
අම්මා මනමාලයෝ ගැන යෝජනා නං ගේනවා. ඒ වෙලාවට මං මගඇරලා යනවා.

තාම විශේෂ කෙනෙක් ජීවිතේ ඇතුලේ නැද්ද?
තාම එහෙම දෙයක් නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.