Gossip

ෆේස් බුක් ගණිකා ජාවාරමක් කරළියට

ෆේස් බුක් එක හරහා සමහරු කරන ජාවාරම් අනන්තයි. මේ ඒ වගේ එක ජාවාරමක් ෆේස් බුක් හරහා සිද්ධ වෙන විදිය. අපි මේ පෙන්වල තියන ෆේස් බුක් ගිණුමේ කෙල්ලන් මුදලට විකුණන ජාවාරමක් තමයි සිද්ධ වෙන්නේ.

මේ ගිණුමෙන් මුලින්ම ෆේස් බුක් එකේ ඉන්න පිරිමින්ට හායි එකක් එනවලු. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ටාගට් කරන්නේ ෆේස් බුක් එකේ ඉන්න සල්ලිකාරයන්වලු. මේ ගිණුමෙන් එන හායි එකට කෙනෙක් හායි කිව්ව ගමන් ඒගොල්ලෝ අහනවලු ඔයා ඉන්න පළාත කොහේද කියලා.

ලංකාවේ කොහේ ඉන්නවා කිව්වත් මේගොල්ලෝ අහනවලු ඒ අදාල පැත්තෙන් ඔයාට ගැණු ළමයෙක් ඕනද කියලා. දෙවනුව ඒගොල්ලෝ ඉල්ලන්නේ දුරකථන අංකය. දුරකථන අංකය දුන්නට පස්සේ මේ අයගෙන් කෙනෙක් ඒ අදාල කෙනා මුණගැහෙන්න ජායාරූප ඇල්බම් එකකුත් අරන් එනවලු.

ඒ ඇල්බම් එකේ ඉන්නේ මුදලට විකිණෙනවා කියන ගැණු ළමයිලු. ඒ එන පුද්ගලයාට කැමති ගැණු ළමයා කිව්වම ගාන කියනවලු. රුපියල් 5000 ඉඳලා 25000 දක්වා ඒගොල්ලෝ ගණන් අය කරනවලු. මේ එන තරුණයාට අදාල තරුණිය තෝරලා මුදල් ගෙවලා විනාඩි 10ක් ඇතුලත ඒ ගැණු ළමයා ගෙනල්ලා දෙනවා කියලා තමයි කියන්නේ.

කතන්දරේ සිද්ධ වෙන්නේ ඔහොමලු. කොහොමවුනත් මේ පිටුවේ ගණිකාවන් කියල අඟවන්න ඔවුන් දාලා තියන බොහෝ ජායාරූප වෙනත් ෆේස් බුක් ගිණුම් වලින් ලබාගත්තු තරුණියන්ගේ ජායාරූප කියලා පැහැදිලියි.

මේ වගේ සමාජයට වින කරන ෆේස් බුක් පිටුවක තමන්ගේ ජායාරූපය තියනවා කියලවත් බොහෝ විට මේ තරුණියෝ දන්නේ නැතිව ඇති.

සමාජයට වින කරන මේ වගේ පහත වෙබ් අඩවි සමාජයෙන් තුරන් කිරීමේ වගකීම මේ රටේ බලධාරීන්ට වගේම පුරවැසියන් හැටියට අපිටත් තියනවා. ඉතින් ඒ ගැන හිතලා තමයි Gossip King එකේ ඉඩක් මේ වෙනුවෙන් වෙන් කළේ.

පහතින් සඳහන් වෙන්නේ අදාළ ෆේස් බුක් පිටුවේ පළකර තිබෙන තරුණියන් බොහෝ දෙනෙකුගේ ජායාරූප වලින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.