Gossip

පොලීසියට කොටු වූ රූමත් තරුණියෝ

ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මිරිහාන දිසා දුෂණ මර්ධන ඒකකය මගින් වටලනු ලැබූවා. එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි සුරූපී තරුණියන් 07 දෙනෙකුත් එහි කළමනාකරු වශයෙන් කටයුතු කල හිටපු යුද හමුදා බුද්ධි සෙබලෙකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් තරුණියන් අතර අවිවාහක තරුණියන් තිදෙනෙකුත්, දික්කසාද වූ කාන්තාවක් හා විවාහක කාන්තාවන් තිදෙනෙකුද සිටි බව පොලිසිය පවසනවා.

වායු සමීකරණය කරන ලද දෙමහල් නිවාසක පවත්වාගෙන ගිය මේ ගණිකා නිවාසයට ඇතුළුවීමගාට රුපියල් 2000ක මුදලක් අයකරන අතර එහිදී සුරූපී කාන්තාවන් ඉහල මිල ගණන් වලට විකුණන බවද පොලිසිය සඳහන් කරනවා.

පොලිස් උපාය දුතයෙකු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සුරූපී තරුණියන් මිලට ගැනීමට යන මුවාවෙන් සැරසී මීට ඇතුළු වී මුදල්ද ගෙවා පසුව තරුණියන් ඇති ස්ථානයට ගිය ඔහු දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට තම ජංගම දුරකතනයෙන් මෙම පණිවිඩය ලබා දී එම ස්ථානය වටලා ඇත.

මෙහිදී පොලිස් අත්අඩංගුවට පත් වුවේ කුරුණෑගල,ගාල්ල,රත්මලාන,මිගමුව හා මාතර පදිංචි වයස අවුරුදු 19 හා 24 පසුවන්නියන් වන අතර මෙම ගණිකා නිවාසය මාසික කුලියට ලබාගත් එකක් බවද පැවසෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.