Gossip

දාගැබට අපහාස කරලා සමනලී නාගත්තද ?

මේ දවස් වල සමනලී ෆොන්සේකට ලබලා තියෙන්නේ නරක ග‍්‍රහයෙක්ද මන්ද. දක්‍ෂ රංඟන ශිල්පිනියක් විදියට කාගෙත් ආදරය දිනා ගත්තු ඇයට දැන් නං ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අවලාද අපවාද අරගෙන එන ග‍්‍රහයෙක් එක්ක කියලයි අපිට හිතෙන්නේ .

අපේ රටේ ඓතිහාසික සිද්ධස්ථානයක් තමයි ජේතවනාරාම දාගැබ මේ දාගැබට කුණු පුරවලා තියන ඡයාරූපයක් හදලා ඒක සමාජ ජාලා ඔස්සේ රටට පේන්න සැලැස්සුවට බොහෝ අය සමණලීට චෝදනා කරනවා.

මේ රැවුම් ගෙරවුම් අතරේ ජාතික හෙල උරුමයත් පොලිස්පති වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කලා. ඒ සමනලීගේ මේ කතන්දරයට විරුද්දව.කොහොම වුනත් මේ ගැන සමනලී කියන්නේ මෙන්න මේ විදියට .

 

මොකද මේ දවස් වල බැනුම්ම අහන්නේ?
ඕකට හේතුව දැන් බොහෝ අය දන්න කාරණයක් වෙලානෙ තියෙන්නේ.
අපි අහන්නේ අර දාගැබේ චායාරූපය ගැන?
සරලවම කිව්වොත් ඕක මට අදාල කාරනයක් නෙවෙයි.
එහෙනම් මේ දාගැබේ කුණු පුරවලා තියන චායා රූපය කාගෙද?
ඕක මගේ නිර්මාණයක් නෙවෙයි . ඒක ඕන කෙනෙක්ට තේරෙන දෙයක්
ඒ වුනාට මිනිස්සු බනින්නේ ඔයාට නේ ?
මං ඒක දන්නවා . මට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ.
ඒවට උත්තර දෙන්නේ නැද්ද ඉතිං ?
පැත්තක ඉදන් මට චෝදනා කරන අයට උත්තර දෙන්න මට ඕන කමක් නෑ .
ඒ් කියන්නේ ඔයාට මේකට මුනිවත රකින්න පුඵවන් ද ?
මෙහෙමයි වටින් ගොඩින් නෙවෙයි ආයතනික මට්ටමින් කවුරු හරි මගෙන් මේ ගැන ඇහුවොත් මට ඒකට උත්තර දෙන්න පුඵවන්
ඒ වුනාට ඔයාගේ නමට මේකෙන් කැලලක් වුනා නේද?
එහෙම වෙන්නේ නෑ .මොකද මං වරදක් කරලා නෑ.
ඔයාට මේ සිද්ධිය ගැන අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවද?
ඔය කතා කරපු ටිකෙන් එහාට මට ඒ ගැන කතා කරන්න කිසිම දෙයක් නෑ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.