Gossip

පොලිසිය බොබී මැරුවේ මෙහෙමයි

පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේදී උප පොලිස්‌ පරීක්‌ෂකවරයකු වෙඩි තබා ඝාතනය කර තවත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලා ගොස්‌ සැගවී සිටි පාතාල සාමාජිකයෙකු වන බොබී නැමත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත් වුණා.

ඊයේ ( 27) පෙරවරුවේ හම්බන්තොටදී මොහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස්‌ නිලධාරීන් හා ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු මෙසේ මරුමුවට පත් වුනා.

ඔහු මාතර ප්‍රදේශයේ පදිංචි ජයලත් කණ්‌ඩම්බිගේ චමින්ද නොහොත් මාතර රොෂාන් ලෙසද ඇතැම්හු පවසනවා. මෙම සැකකරු විශේෂ බළකායෙන් සේවය කර පලා ගිය අයෙකු බවටත් තොරතුරු අනාවරණය වෙනවා.

(2016 නොවැම්බර් 15 දා) ගොනාකෝවිල කුඩු රොහා නමැත්තා කුරුණෑගල පොලිස්‌ වසමේ හෝටලයක රැඳී සිටියදී ඔවුන් පැමිණි වාහනය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක්‌ මත පරීක්‌ෂාවට පොලිසිය ගොස්‌ සිටියදී මෙම මියගිය පුද්ගලයා විසින් පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබා පලා ගොස්‌ ඇති අතර මේ දක්වා ඔහු පොලිස් ඇසට වැලි ගසමින් සැගවී සිටියා.

එදා මොහුගේ වෙඩි ප්‍රහාරයෙන් පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිව සිටි දසනායක රත්න දාබරේ නමැති 59 හැවිරිදි නිලධාරියා මියගොස්‌ ඔහු සමඟ සිටි පොලිස්‌ සැරයන් උදයකාන්ත බණ්‌ඩාර සහ පොලිස්‌ රියෑදුරු තුවාල ලැබුවා.

මෙම සැකකරු බඳගිරිය මීගහජඳුර ප්‍රදේශයේ සැරිසරන බවට පොලිසියට ලද තොරතුරක්‌ අනුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට ගොස්‌ සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබා පලා යැමට උත්සහා කලත් එහිදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් සැකකරු තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්‌ තිබෙනවා.

සැකකරු පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කළ මිලිමීටර් 09 බ්‍රවුනින් වර්ගයේ පිස්‌තෝලය හා ජීව උණ්‌ඩ 06 ක්‌, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක්‌ වෙඩි තැබූ ස්‌ථානයේ තිබී සොයා ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.