Gossip

දිල්වලේ චිත්‍රපටය නිෂ්පාදනය කල විනෝද් ඛන්නා අවසන් ගමන් යයි

ප්‍රවීන බොලිවුඩ් රංගන ශිල්පීයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කල විනෝද් ඛන්නා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට රෝගාතුරව සිටි ඔහු මියයන විට 70 වන වියේ පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ. 1968දී රංගන ශිල්පියෙකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පැමිණි විනෝද් ඛන්නා අවසන් වරට සිය රංගන දායකත්වය ලබාදුන්නේ 2015 නිෂ්පාදනය කළ දිල්වාලේ චිත්‍රපටය සදහායි. විනෝද් ඛන්නා වරක් බොලිවුඩයේ වඩාත් කඩවසම් නලුවා ලෙසට ද කථා බහට ලක්වුනා.

ඔහු මිය යාමට හේතුව වී ඇත්තේ දීර්ඝ කලක් පීඩා විඳිමින් සිටි පිළිකාවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පසුගිය සතියේ විජලන තත්වයක් හේතුවෙන් මුම්බායි රෝහලකට ඇතුලත් කළ විනෝද් ඛන්නා අද උදෑසන 11.20 ට දිවියෙන් සමුගත් බව රෝහල හෙළිකර තිබෙනවා. රෝගීව දුර්වලවී සිටින ප්‍රවීණ නලුවාගේ ඡායාරූපයක් පසුගියදා අන්තර්ජාලයට එක්ව තිබු අතර ඊට ඉන්දීය ජනතාව විශාල පිරිසක් කණගාටුව ද පළකර තිබු බව සඳහන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.