Gossip

ශිහාන් මිහිරංග ගැන බිරිඳ කියන කතාව

ශිහාන් මිහිරංග අසනීප වෙලා පහුගිය දවස් ටිකේ හිටියෙ කොළඹ පෞද්ගලික රෝහලක. ඇත්තම කිව්වොත් උණ රෝගය හින්දා ශිහාන් හිටියෙ තරමක් අසාධ්‍ය තත්වයෙන්. දැන්නම් ඔහු සුවය ලබලා රෝහලෙන් පිටවෙලා නිවසටත් ගිහිල්ලා. අපි ශිහාන්ගෙ දැන් තත්වය කොහොමද කියල දැන ගන්න ශිහාන්ට කතා කලත් ඒකට ආන්සර් කලේ ශිහාන්ගෙ බිරිඳ. මේ ඇය අපත් සමග ශිහාන් ගැන කිව්ව දේවල්.

දැන් ශිහාන්ට කොහොමද?

දැන් හොඳයි. රෙස්ට් කරන්න වෙනව මාසයක් විතර. තිබ්බ අමාරු තත්වය දැන් පහ වෙලා තියෙන්නෙ. ඇත්තටම ශිහාන්ට හැදිල තිබුනෙ ඩෙංගු

ඇත්තද ශිහාන් දැඩි සත්කාර ඒකකයෙත් හිටිය කියන්නෙ?

ඔව්. ඒක ඇත්ත. දවස් තුනක් වගේ එයා දැඩි සත්කාරෙ හිටියා.

දැන් එයා කෑම බීම එහෙම ගන්නවද?

අනේ ඔව්. ඩොක්ටස්ලා කිව්ව විදියට එයාට කෑම බිම දෙනව. ඇත්තටම දැන් එයිට වඩා ගොඩාක් හොදයි.

කොහොමද එයාට ඩෙංගු තත්වය ඇති වෙන්න ඇත්තෙ?

රට පුරාම එයාට මියුසිකල් ෂෝ නෙ. ඒ කොහෙදි හරි ඩෙංගු මදුරුවෙක් ශිහාන්ට ලං වෙන්න ඇති.

ශිහාන් හොස්පිටිල් ඉද්දි බබාලා දෙන්න කොහොමද හිටියෙ?

මම හොස්පිටල් යනවා. ඒ යද්දි බබාලා දෙන්න බලා ගත්තෙ මගේ අම්මයි තාත්තායි. ඒත් ශිහාන් නැති පාලුව එයාලට තදින්ම දැනුනා කියල අපිට තේරුණා.

ශිහාන්ගෙ රසික රසිකාවියො එයා බලන්න ආවද?

කීප දෙනෙක් ආවා. ඒත් ඩොක්ටස්ලා උපදෙස් දුන්න වැඩිපුර කාටවත් බලන්න දෙන්න එපා කියල. මොකද ඒකෙන් යම් ආසාදන තත්වයන් ඇති වෙන්න පුලුවන් නිසා. ඒක එයාගෙ රසිකයොත් තේරුම් ගත්තා.

ශිහාන් භාර අරං තිබුණු ප‍්‍රසංග වලට මොකද වුනේ අසනීපෙ නිසා?

මම ප‍්‍රසංග සංවිධායකවරුන්ට කිව්ව ශිහාන් අසනීපෙන් කියල. ඔවුන් ඒ තත්වය තේරුම් ගත්තා වගේම ශිහාන්ගෙ අසනීපෙ නිසා හුගක් දුක් වුණා. මොනව වුනත් දැන් එයා සුව වේගෙන යන නිසා හුගක් සතුටුයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.