Gossip

කොරියාවේදී හමු වූ මළසිරුර ශ්‍රී ලාංකික තරුණයාගේ ද?

Korean

දකුණු කොරියාවේ රැකියාවේ නිරතවෙමින් සිටියදී අතුරුදන් වූ බවට වාර්තා වූ ගාල්ල – බද්දේගම තරුණයාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් හමු වී තිබෙනවා. තේගු නගරය ආසන්නයේ කන්දක් පාමුල ජනශූන්‍ය ප්‍රදේශයක තිබී හමුවු සිරුර එම තරුණයාගේද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කළේ.

මෙම මළ සිරුර පිළිබඳව සොයා බැලීම සඳහා දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක්ද අදාළ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන්ද අදාළ මළ සිරුර මෙම තරුණයාගේ බවට මෙතෙක් තහවුරු කර නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළා.

ශශේන් තාරක ජයසේකර නැමැති 26 හැවිරිදි මෙම තරුණයා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව 2014 වසරේදී දකුණු කොරියාවේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

අවසන් වරට ඔහු සයිප්‍රසයේ සේවය කරන සිය මවට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබුණු අප්‍රේල් 14 වනදායී. පසුව ඔහු පිළිබඳව තොරතුරක් වාර්තා වී නොතිබූ අතර අද දිනයේ මොහුගේ බවට සැකකෙරන සිරුර එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මෙම තරුණයාගේ ඥාතීන් පිරිසක් අද පස්වරුවේ කොළඹ පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය වෙත පැමිණියා. අතුරුදන් වූ විසිහය හැවිරිදි තරුණයා පිලිබඳ ප්‍රශ්ණ කිරීම සඳහා එක් පුද්ගලයෙකු කොරියානු රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අතුරුදන් වූ තරුණයාගේ මාමා වන ජයන්ත ඉලේපෙරුම මහතා මීට පෙර ප්‍රකාශ කළා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුදන් වූ තරුණයාගේ ඥාතියෙකුවන චරිත් තිවංක ජයසේකර නමැති අයෙකු බවයි ඉලේපෙරුම මහතා සඳහන් කළේ. ඥාති ප්‍රශ්නයක් මත මෙම අතුරුදන්වීම සිදු වුවක් විය හැකි බවයි ජයන්ත ඉලේපෙරුම මහතා සැකපළකරන්නේ.

මෙම තරුණයා අප්‍රේල් මස 16 වැනි දින සිට අතුරුදන්වී ඇති බව ඥාතීන් ප්‍රකාශ කළේ.

ඔහු මීට වසර තුනකට පමණ ඉහතදී කොරියාවේ රැකියාවට ගොස්‌ තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.