Gossip

වෘත්තීය සමිති වර්ජනය අරඹයි – පිරවුම්හල් අසල දිග පෝළිම්

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භකර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෙළ ගැසී ඇති බවට අප වාර්තාකරුවන් සඳහන් කරනවා.

එමෙන්ම අද (24) උදෑසන වෘත්තීය සමිති නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.

ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් අද (24) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.