Gossip

මීතොටුමුල්ල දුකේදී පිහිටට ආ ක්‍රිකට් තරු

පහුගිය දවස් වල මීතොටුමුල්ලේ සිද්ධ වෙච්ච රුදුරු විපත අද වන කොට මීතොටුමුල්ලේ මිනිසුන්ට ඇරෙන්න අනිත් හැමෝටම අමතකයි වගේ. ඉහට හෙවන දුන්නු ගේපැලත් එක්කම තමන්ගේ සමීපම අය මහ කුණු කන්ද යට වැළලිලා යද්දී මේ විපතින් අසරණ වුනු මිනිසුන්ට මොන තරම් වේදනාවක් ඇතිවුණාද කියලා දන්නේ ඒ මිනිස්සු විතරයි.

ඒ අසරණ මිනිසුන්ට කන්න බොන්න තරමටම මානසික සුවයත් වැදගත්. දන්න කියන අයෙක් ඇවිල්ලා වෙච්ච දේ වුණා, ඒ වුණාට ඔයාලත් එක්ක අපි ඉන්නවා කියලා කියද්දී ඒ රිදුණු හිත් වලට මොනතරම් සැනසිල්ලක්ද. මේක තේරුම් ගත්ත අය අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ සාමාජිකයින්ද හිටියා. රංගන, තිසර, දික්වැල්ල වගේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මීතොටුමුල්ලේ අසරණ වුනු ජනතාව අතරට ගියේ අන්න ඒ යහපත් අදහසින්.

මේ ජායාරූප වලින් ඔබට පෙනෙයි අපේ ක්‍රීඩකයෝ ඒ අසරණ ජනතාවගේ හිත් හදන්නේ කොහොමද කියලා.



Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.