Gossip

අම්මගේ පොලූ පහරින් පුතා මරුට

මේ හිගුරක්ගොඩ යෝධ ඇලේ පදිංචි පවුලක්. අම්මා හුගක් වයසයි. තාත්තා ඉන්නේ අංශ භාග රෝගේ හැදිලා ඇදේ. එතකොට මේ පුතාගේ වයස අවුරුදු 34යි. මිය ගිය මේ පුද්ගලයා බේබද්දෙක්. හැමදාම බීගෙන ඇවිත් අම්මට විතරක් නෙවෙයි ලෙඩ ඇදේ ඉන්න තාත්තටත් ගහනවා. මේක

පුරුද්දක් විදියටම කාලයක් තිස්සේ වෙනවා. බීමත් පුතා පෙරේදත් මේ විදියටම ගෙදර ඇවිල්ලා අම්මගෙන් සල්ලි ඉල්ලලා අම්මට හොදටෝම ගැහුවා. ඒත් අම්මා ලග දෙන්න සල්ලි තිබුනේ නෑ. ඒ ගමන මේ පුතා ලෙඩ ඇදේ උන්න තාත්තවා බිමට ඇදලා ගැහුවා.

අම්මට මේක නම් බලාගෙන ඉන්න බැරි වුනා. අම්මා පැත්තක තිබුණු පොලූ කෑල්ලකින් පුතාට පාරක් ගැහුවා. පුතා ගහපු පාරවල් වලින් අම්මටත් තුවාලයි. අම්මා ගහපු පොලූ පාරට 34 වියති පුතත් පොලොන්නරුව රෝහලට ඇතුලත් කෙරුනා. කොහොම වුනත් පොලූ පාරේ සැර වැඩිකමට ඊයෙ මේ බේබදු පුතා මිය ගියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.