Gossip

බිරිඳ මරපු සැමියා ගිනි තියාගත්තු හැටි

සිය බිරිඳට පිහියෙන් ඇණ තුවාල සිදුකර පසුව ඇයට ගිනි තැබූ සැමියෙකු තමාගේද සිරුරට ගිනි තබාගත් පුවතක් අක්මීමන – පින්නදූව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම කාන්තාව සැමියාගෙන් නීත්‍යානුකූලව වෙන් නොවී තිබූ අතර, පසුගියදා ඇයගේ සොහොයුරෙකු සමග අක්මීමන පුහුල්හේන ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් තිබුණා. පසුගිය 17 වන දා එම ස්ථානයට පැමිණි සැමියා, බිරිඳ සමග බහින්බස්වීමක් ඇති කරගෙන තිබෙන අතර, එහිදී සැමියා විසින් මෙලෙස බිරිඳට තියුණු ආයුධයකින් පහර දී පසුව ගිනි තබා ඇති බව සඳහන්. ඉන් අනතුරුව සැමියාද සිරුරට ගිනි තබාගෙන තිබුණා.

අනතුරුව මොවුන් දෙදෙනාම ගාල්ල – කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාම ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.