Gossip

පිංපොං ඇන්ඩ‍්‍රියාට දෙන්න ඉන්න සුපිරි තෑග්ග

රජිත හිරාන් කියනවට වඩා මෙයාව මේ රටේ මිනිස්සු දන්නෙ පිංපොං කිව්වම. මේ රටේ ඉන්න පුංචි පහේ මිනිස්සු එක්ක ජිටත් වෙන මේ සුපිරි නලුවට රටේ තද පොරවල් වලට වඩා පුංචි මිනිස්සු තමයි ආදරේ කරන්නෙ. ඒ රජිත පුංචිම මිනිස්සු එක්ක ජීවත් වෙන නිහතමානී කලාකාරයෙක් විම නිසා. ඉතිං රජිත් Gossip King මුන ගැහුණු වෙලාවෙ අපි ඔහු එක්ක පුංචි පිළිසඳරක යෙදුනා.

මේ දවස්වල වැඩ අත ඇරගෙනත් ගෙදරම ඉන්නව කියන්නෙ ඇත්තද?

වැඩ පැත්තක දාල ගෙදර ඉන්න බලනව නෙවෙයි. පුලුවන් වෙලාවට ගෙදර ඉන්න බලනවා.

කලින් එහෙම නෑනෙ, බැලුවොත් ගෙදර නෑනෙ?

ඔව්. ඒ උනාට දැන් ගෙදර ඉන්නමයි හිත කැමති.

ඇන්ඩ‍්‍රිරියා ඔයාගෙ බිරිඳනේ නේද?

ඔව්. මැරෙනතුරාවටම ඇය තමයි මගේ බිරිද. ඇයි? නවුරු හරි කිව්වද මට දැන් ඉන්නෙ වෙන බිරිදක් කියලා.

ඇන්ඩ‍්‍රිරියාත් ඔයා වගේ උපරිම ට‍්‍රයි කරන්නෙ ගෙදර ඉන්නද?

ඔව්. එයාත් බලන්නෙ විවෙික තියෙන වෙලාවට ගෙදර ඉන්න තමයි.

කලින් මෙහෙම නෑනෙ, මොකද දැන් දෙන්න මේ රෙස්ට් කරන්නම බලන්නෙ?

මම නෙවෙයි රෙස්ටි කරන්නෙ බලන්නෙ ඇන්ඩ‍්‍රියා. මම ට‍්‍රයි කරන්නෙ ඇය ළඟටම වෙලා ඉන්න.

ඇන්ඩ‍්‍රියා තර්ජනය කරනවද  ගෙදර ඉන්න කියලා?

අනේ නෑ. එයා කියන්නෙ වැඩ අතපසු කරගෙන මම නිසා ගෙදර ඉන්න එපා ඔයා වැඩ කරගන්න කියලා. ඒත් එයාගෙන් ඈතට ගිහින් ඉන්න මට හිතෙන්නෙම නෑ දැන්.

මොකද මේ බිරිද ලඟින් ඉන්නම හිතෙන අමුතු හැගීම?

තමන්ගේ බිරිද අම්මා කෙනෙක් වෙන්න සුදානම් වෙද්දි ඕනෑම සැමියෙක්ට ඇතිවෙන සුන්දර හැගීමක් තමයි ඒක.

සරලව කතන්දරේ එළිය දාමු නේද දැන්වත්?

කතන්දරේ මේකයි. මම දෙවෙනි වතාවටත් තාත්තෙක් වෙන්නයි යන්නෙ. ඇන්ඩ‍්‍රියා දැන් ඉන්න තත්වෙත් එක්ක ඇත්තටම මට හිතෙන්නෙම නිතර ඇය ලගට වෙලා ඉන්න. ඒක ඕනෑම සැමියෙක්ට ඇතිවෙන සොදුරු හැගීමක්.

පලවෙනි බබා දුවෙක්. එතකොට දෙවෙනි බබත් දුවෙක් වෙයිද?

දන්නෙ නෑ. ඒක අපි හිතන්නෙ නෑ. කවුරු උනත් ආදරෙන් බාර ගන්නවා. දුවද, පුතාද කියල වෙනසක් නෑ.

දෙවෙනි වතාවෙ තාත්තා වෙන්න ඉක්මන් වැඩි නැද්ද?

මගෙ දුව ඇමැන්ඩාට දැන් අවුරුදු අටයි. එයා දැනුම් තේරුම් ඇති ළමයෙක් වගේ හිතන වයසක ඉන්නෙ. දුවගෙ තනියට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්න මේක තමයි හරිම කාලෙ.

අලුත් බබාව දකින්න තව කොච්චර කල් බලා ඉන්න වෙනවද?

මේ අගෝස්තු මාසේ අලුත් බබා මේ රජිතගෙ අතේ ඉදියි. දැන් මාස පහ යන්නෙ.

ඔන්න ඉතින් රජිතගෙ අලුත්ම විස්තරේ මේ විදියට අපි රටට ලෝකෙට කිව්වා. ඉතින් අපි රජිතටයි ඇන්ඩ‍්‍රියටයි සුබ පතනවා ඔවුනගේ බලාපොරොත්තු හිතු පැතු අයුරින්ම ඉටු වෙන්න කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.