Gossip

මීතොටුමුල්ලේ කුණු කන්ද බිළිගත් ජීවිතවල ඇත්ත කතාව

මීතොටුමුල්ලේ කුණු කන්දට යට වී මිය ගිය සංඛ්‍යාව මේ වන විට 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවතැන්වුවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රුදුරු සිදු වීමෙන් මුළු රටම කම්පාවට පත් වෙද්දී ජනාධිපතිවරයාද මෙම ආපදාව සිදු වූ මොහොතේ සිට අවුරුදු නිවාඩුව ද නොසලකා බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහ සහන සේවාවලට එක් වූ සියලු නිලධාරීන්ට සිය ස්තූතිය ද පුද කළා.

ඒ වගේම මෙම ආපදාවට ලක්වූ සියලුම දෙනාට අවශ්‍ය සියලු සහන ලබා දෙන ලෙසද අදාල බලධාරීන්ට නියෝග කළා.

එමෙන්ම මෙහිදී ආපදාවලට ලක්ව අවතැන්ව සිටින ජනතාව වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ලේ පිහිටි ගබඩා සංකීර්ණ 3ක පදිංචි කිරීමට ද නියම කෙරුණා.

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබූ අතර එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අවතැන්වූවන් සඳහා නිවාස ලබාදීමට කොළඹ මහ නගර සභාව රුපියල් මිලියන 300ක් ලබාදීමට එකඟ වූ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.