Gossip

පොලීසියේ රාළහාමි මාල කඩයි

කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කඩාගෙන පලායමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රු.85,000ක් පමණ වටිනා ගෙල බැඳි මෙම රන් මාලය කඩාගෙන පලායමින් සිටි පුද්ගලයෙකු එම කාන්තාවගේ පුරුෂයා හා උද්‍යානයේ ආරක්ෂක භටයන් විසින් අල්ලා කුරුඳුවත්ත පොලීසිය වෙත බාරදී ඇති බවත්, එහිදී මෙම සැකකරු එම පොලීසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු බව අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුඳුවත්ත පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.