Gossip

කුඩු බෝට්ටුව මාට්ටු

Heroin

ඉන්දියාවේ ඉඳලා බෝට්ටුවකින් මේ රටට අරගෙන ආපු කොටි 16 වටිනා කුඩු කන්කසන්තුරේ මුහුදේදී නාවික හමුදාවේ අත්අඩංගුවට ගත්තා. බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තමයි මේ බෝට්ටුවේ තිබුනේ. මේ බදු ටික අරගෙන ආපු ඉන්දියන් ධීවරයෝ 6 දෙනාටත් අපේ නාවික හමුදාවෙන් ගැලවෙන්න හම්බුනේ නැහැ. හෙරොයින් කිලෝ 13යි ග්රෑම් 500ක් මේ බෝට්ටුවේ තිබුණා.

බෝට්ටුවේ තිබුණු වතුර කෑන් එකකි මේවා හංගල තිබුණේ. ධීවරයෝ විදියට තමයි මේ කුඩු ජාවාරම් කාරයෝ අපේ මුහුදු සීමාවට ඇතුල්වෙලා තිබුණේ. මේ දවස් වල උතුරු මුහුදු සිමාව හරහා සිද්ධ වන මත්ද්‍රවය ජාවාරම මැඩලන්න නාවික හමුදාව විශේෂ මෙහෙයුම් වල නිරත වනවා.

කොහොමහරි මේ කුඩුයි කුඩු ගෙනාපු 6 දෙනයි කන්කසන්තුරේ පොලීසියට නාවික හමුදාව විසින් භාරදීලා තියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.