Gossip

තරහ ගියපු අම්මා දුවට කරපු දේ

ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් ඉන්ධන ලබා ගැනීම සදහා පිරවුම්පලකට පැමිණි මවකට ඉන්ධන ලබාගැනීමට ප්‍රමාද වුයේ යැයි උරණ වී සිය දරුවාද එහි දමා යතුරුපැදිය පන ගන්වා පිටව ගිය පුවතක් ඊයේ (29)දින රාත්‍රී දඹුල්ල ඉන්ධන පිරවුම්හලකදී වාර්තා වෙනවා.

එම සිද්ධිය පිරවුම්හලේ ආරක්ෂිත කැමරා දෙකක සටහන්වී තිබිණි .පස්වරු හතට විනාඩි කීපයක් තිබියදී කුඩා දියණියක් ද සමගින් යතුරුපැදියකට ඉන්ධන ලබාගැනීමට මේ කාන්තාව පැමිනෙන විටත් පිරවුම්පලේ වාහන කීපයක් තිබිණි. ඇයගේ වාරය එනතුරු සිටියදී වෙනත් ත්‍රිරෝද රථයක් පැමිණ එම යතුරු පැදියට ඉදිරියෙන් නවතනු ලබයි.

ඉන්ධනහලේ සේවකයා කලින් පැමිණි යතුරුපැදියට ඉන්ධන ලබාදීමට පෙර පසුව පැමිණි ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා දී තිබෙනවා. ඊට උරණවූ කාන්තාව වහා සිය යතුරු පැදිය පනගන්වා පවනට බදු වේගයෙන් පිටව යන්නට ගියේ තමන් සමග පැමිණි කුඩා දියණිය ද අමතක කර දමමින්.

යතුරුපැදිය පිටුපසින් මීටර් 300ක් පමණ දිව යද්දී ඉන්ධන පොලේ සේවකයන් හා අවට සිටි පිරිස් කෑ කෝ ගසා මවගේ යතුරුපැදිය නවතා දියණිය රැගෙන යන ලෙස දැනුම් දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.