Video

සුපිරි හෝටල්වල සුරූපී තරුණියන් සමඟ සැපගන්න යාචකයාගේ වැඩ මෙන්න

යම් කෙනෙකු ඇති හැකි අයෙකුගෙන් යමක් යදින්න පෙළඹෙන්නේ නැතිබැරිකම නිසයි. එසේ මුදල් හා යම් යම් දේවල් ඉල්ලමින් සිඟමනේ දෙන්නන් ලෝකයේ විශාල ප්‍රමාණයක් සිටිනවා. මේ එවැනි තවත් යාචකයෙක්. නමුත් මොහු මුදල් යදින්නේ නැති බැරිකමට නොව ඔහුගේ සුඛෝපබෝගී ජීවිතය ගෙන යාම සඳහා කියල තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බෙන්ජමින් හොල්ස්ට් නම් වයස අවුරුදු 32ක් වූ මේ ජර්මානු ජාතිකයා මලයාසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, හොංකොං, පිලිපීනය හා කාම්බෝජය වැනි නැගෙනහිර ආසියානු රටවල සිඟමන් අයදිමින් ඉන්පසුව එම මුදල් වලින් සුපිරි ජීවිතයක් ගත කිරීමට හුරු වූ අරුම පුදුම මිනිසෙක් බවයි පැවසෙන්නේ.

‘Big Foot’ ලෙස හැඳින්වූ ඔහුගේ මේ වැඩ ගැන අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වූ පසු ‘ආසියාවේ ලොකුම වංචාකාරයා’, ‘වැඩකට නැති හිඟන්නා’ වැනි නාමයන් මොහුට පට බැඳී තිබෙනවා.

Macrodystrophia lipomatosis නම් සිරුරේ කොටස් විශාල වීමේ දුර්ලභ රෝගයක් නිසා දකුණු කකුල විශාල වී තිබෙන නමුත් ඔහුට ඇවිදීමට එය අපහසුවක් නොවන බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

වරක් 2014 වසරේදී තායිලන්තයේදී මොහු පාරේ සිඟමන් අයදමින් සිටිනු දැක තායිලන්තයේ තිබෙන ජර්මානු සංවිධානයක් විසින් මොහුට නවාතැනක් සපයා ඔහුට නැවතත් ජර්මනියට ගොස් පවුලේ අය සමඟ එක්වීමට අවශ්‍ය මුදල එක් රැස් කර සියලුම කටයුතු සූදානම් කර දී තිබෙන අතර මොහු ඒ ගුවන් යානය මඟහැර තායිලන්තයේ පතායා වෙත ගොස් වෙරළේ කාන්තාවන් සමඟ විනෝද වන අයුරු දක්නට ලැබී තිබෙනවා.

ඔහු ඩෙන්මාර්කයේද කාලය ගත කර ඇති අතර බෙන්ජමින්ගේ එක් අසාමාන්‍ය ලක්ෂණයක් වන්නේ ඔහු තරුපහේ හෝටල්, මිල අධික අවන්හල්වලට ගොස් සුඛෝපභෝගි ලෙස ජීවත් වන අයුරු, ආහාර පාන හා සුරූපී තරුණියන් සමඟ විනෝදවන අයුරු ඔහුගේ facebook ගිණුමේ සටහන් කිරීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.